May 21, 2025

අධිවේගී මාර්ග භාවිත කරන්නන්ට අද සිට ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් හරහා ගාස්තු ගෙවීමට හැකි බව ප්‍රවාහන, මහාමාර්ග, නාවික සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

රජයේ නව ඩිජිටල්කරණ උපාය මාර්ගයට අනුකූලව මෙම පියවර මගින් තදබදය අඩුකරන අතර මෝටර් රථ හිමියන්ගේ පහසුව සහ කාර්යක්ෂමතාව වැඩිදියුණු කරනු ඇතැයි අමාත්‍යංශය සඳහන් කරයි.