
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්පැන් බෝතල්වලට ඇලවූ ව්‍යාජ ආදායම් ස්ටිකර් වංචා චෝදනාවට සම්බන්ධ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රටින් පැනයෑම වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.
පසුගිය සිකුරාදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වලේබොඩ කියා සිටියේ ව්‍යාජ ආදායම් ස්ටිකර් ජාවාරමට මත්පැන් සමාගම්වලට සහාය වූ බව කියන සුරාබදු දෙපාර්තමේන්තුවේ සමහර ඉහළ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම සඳහා රට හැර යෑමට උත්සාහ කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.
මෙම වංචාව නිසා භාණ්ඩාගාරයට වාර්ෂිකව රුපියල් බිලියන 10කට අධික පාඩුවක් සිදුවී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
ආණ්ඩු පෙරළියත් සමඟ අත්අඩංගුවට පත්වේ යැයි බියෙන් මේ නිලධාරීන් දැන් රටින් පැන යෑමට උත්සාහ කරමින් සිටින බවත් එය නවත්වා නීතිය ඉදිරියට පමුණුවන ලෙසත ජනාධිපතිවරයාගෙන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව හිටපු මන්ත්‍රීවරයා පැවසීය.
මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ජන බලවේගයේ විධායක කමිටු සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ ද සඳහන් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart