November 4, 2025

චෙම්මනි සමූහ මිනීවළේ තුන්වැනි අදියරේ කැණීම් කටයුතු කල්දමා තිබේ.

ඒ එම භූමිය තුළ වැසි ජලය එක්රැස් වීම හේතුවෙනි.

චෙම්මනි සමූහ මිනීවළේ මෙතෙක් සිදුකරන ලද කැණීම්වල පළමු අදියර දෙකේදී, මිනිස් ඇටසැකිලි 240 ක් හඳුනාගෙන ඇති අතර, ඉන් ඇටසැකිලි 239 ක් ගොඩගෙන තිබේ.

තුන්වැනි අදියරේ කැණීම් සඳහා දැනටමත් අරමුදල් වෙන්කර ඇති බැවින්, යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර්, අධිකරණ වෛද්‍ය නිලධාරි සහ නීතිඥවරුන් ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කර කැණීම් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ඔවුන්ගේ පරීක්ෂාව අතරතුර එම භූමිය තුළ වැසි ජලය එක්රැස් වී ඇති බව නිරීක්ෂණය කර ඇත.

ඒ අනුව, තත්ත්වය නැවත තක්සේරු කර තුන්වන අදියරේ කැණීම් කටයුතු ආරම්භ කිරීම පිළිබඳව තීරණය කිරීම සඳහා එම කණ්ඩායම 2026 ජනවාරි 19 වන දින කැණීම් ස්ථානය නැවත නිරීක්ෂණය කිරීමට තීරණය කර තිබේ.