
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය කාලය තුළ යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල අලුතින් සුරාසැල් ගණනාවක් ඇරඹීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ගීතනාත් කාසිලිංගම් කණස්සල්ල පළකර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ උතුරු පළාතේ පරන්තන් හන්දියේ සිට ඉරණයිමඩු හන්දිය දක්වා සුරාසැල් ගණනාවක් ඇති බවයි.
ප්‍රදේශයේ ජනගහනයෙන් බහුතරය දෛනික වැටුප් ලබන්නන්ගෙන් සමන්විත වන අතර සුරාසැල් බහුල වීම ඔවුන්ගේ ජීවනෝපායට අහිතකර බව ඔහු පෙන්වා දී තිබේ.
එම සුරාසැල් සඳහා බලපත්‍ර ලබාදී ඇත්තේ ප්‍රදේශයේ ඇතැම් දේශපාලනඥයන්ගේ සහාය ලබාගැනීමට බව පවසන ඔහු නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ මේ සඳහා මැදිහත් වී සමාලෝචනය කර අනවශ්‍ය සුරාසැල් වසා දැමීමට පියවර ගන්නා ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart