
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2025 අප්‍රේල් 28 සිට මැයි 7 දක්වා කාලයේදී යුරෝපා සංගමයේ ඉහළ මට්ටමේ GSP+ අධීක්ෂණ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම කණ්ඩායමේ අරමුණ වන්නේ ‘සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය’ හෙවත් ශ්‍රී ලංකාවේ ඇඟලුම් වෙනුවෙන් ලබාදී ඇති GSP+ වෙළඳ සහනවලට බැඳී ඇති කොන්දේසි සපුරාලීමේදී රටේ ප්‍රගතිය තක්සේරු කිරීමයි.
මෙම සංචාරය යුරෝපා සංගමයේ නිත්‍ය ද්විවාර්ෂික අධීක්ෂණ ක්‍රියාවලියේ කොටසක් වන අතර, ශ්‍රී ලංකා රජය GSP+ පහසුකමින් ප්‍රතිලාභ ලබාගැනීම සම්බන්ධයෙන් එමගින් විමර්ශනය කෙරෙයි.
ඔවුන් රැඳී සිටින කාලය තුළ, යුරෝපා නියෝජිත පිරිස රජයේ නිලධාරීන්, අදාළ රාජ්‍ය ආයතන, දේශපාලනඥයන්, සිවිල් සමාජ සංවිධාන, ව්‍යාපාරික සංගම් සහ වෘත්තීය සමිති ඇතුළු පුළුල් පරාසයක කොටස්කරුවන් සමඟ සකච්ඡා පවත්වනු ඇත.
මෙම මෙහෙයුමට GSP+ ක්‍රියාත්මක කිරීම නිරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය ස්ථාන චාරිකා ද ඇතුළත් වේ.
ශ්‍රී ලංකාව යනු තිරසාර සංවර්ධනය සහ යහපාලනය ප්‍රවර්ධනය කරන විශේෂ දිරිගැන්වීමේ විධිවිධානයක් වන GSP+ වලින් දැනට ප්‍රතිලාභ ලබන, අඩු හෝ පහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අටෙන් එකකි.
GSP+ සහනය වෙනුවෙන් සුදුසුකම් ලැබීමට මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික ආරක්ෂාව, දේශගුණික විපර්යාස සහ යහපාලනය ආවරණය වන අන්තර්ජාතික සම්මුතීන් 27 ක් අනුමත කිරීම සහ ඒවා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.
ඒ අනුව අනුකූලතාව තක්සේරු කරනු ලබන්නේ නිතිපතා අධීක්ෂණ මෙහෙයුම් සහ වාර්තාකරණය හරහාය.
සාමාජික රටවල් 27 ක් සහ පාරිභෝගිකයන් මිලියන 450ක වෙළඳපොළකින් සමන්විත යුරෝපා සංගමය, ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම අපනයන ගමනාන්තය වේ.
2024 දී, ශ්‍රී ලංකාව යුරෝපා සංගමයට කළ අපනයන යුරෝ බිලියන 2.7 ක් වූ අතර, එම භාණ්ඩවලින් ආසන්න වශයෙන් 85% ක් GSP+ යටතේ තීරුබදු රහිතව යුරෝපා සංගම් වෙළඳපොළට ඇතුළු විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart