
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ භාණ්ඩාගාර බැඳුම්කරවල විශාලතම තනි හිමිකරු ලෙස සේවක අර්ථසාධක අරමුදල (EPF) හඳුනාගෙන ඇති බව වෙරිටේ රිසර්ච් (Verite Research) ආයතනය අනාවරණය කර ඇත.
Verite Research විසින් නිකුත් කරන ලද තොරතුරු ලේඛනයකින් හෙළිකර ඇත්තේ, රටේ විශාලතම විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල (EPF) 2022 අවසානයේ බැඳුම්කරවල ප්‍රමුඛයා වූ බවයි.
මේ අතර, ජූනි 28 වැනිදා රජය සිය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සැලැස්ම එළිදක්වා තිබේ.
විශ්‍රාමික ප්‍රතිලාභ සඳහා පිහිටුවා ඇති අරමුදල් වන විශ්‍රාම අරමුදල් හා සම්බන්ධ බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම මෙම සැලැස්මේ ප්‍රධාන අංගයක් වේ.
ඒ අනුව, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩසටහන යටතේ වැඩිම බලපෑමකට ලක්වන කොටසක් ලෙස සේවක අර්ථසාධක අරමුදල හඳුනාගෙන ඇත.
මහ බැංකුවේ 2022 වාර්ෂික වාර්තාවේ දත්ත උපුටා දක්වමින් Verite Research ප්‍රකාශ කර ඇත්තේ, බලපත්‍රලාභී වාණිජ බැංකු රජයේ භාණ්ඩාගාර බැඳුම්කරවලින් සියයට 39ක් රඳවාගෙන ඇති බවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart