
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හදිසි මිලදී ගැනීමක් ලෙස ඖෂධ ඉන්දියාවෙන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගෙන තිබූ තීරණය අත්හිටුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් උපදෙස් දී තිබේ.
පසුගියදා පෙරටුගාමී සමාජවාදී පෙරමුණේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අනාවරණ කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ ඖෂධ ඉන්දියාවෙන් ආනයනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවයි.
එම තීරණය අත්හිටුවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණට ඊයේ (29) උපදෙස් ලබා දී තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමෙන් පසු පැවැති මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න විසින් මේ පිළිබඳ ජනාධිපතිවරයා දැනුවත් කර ඇති බව වාර්තා වේ.
ඔහු පෙන්වා දී ඇත්තේ ඖෂධ ආනයනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සැපයුම්කරුවන් සිටියදී ඉන්දියාවේ සමාගමකින් ඖෂධ ආනයනය කිරීමෙන් මෙරට සැපයුම්කරුවන් අධෛර්යමත් වන බවයි.
ඒ අනුව මේ පිළිබඳ ජනාධිපතිවරයා විසින් සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණගෙන් කරුණු විමසා එම තීරණය අත්හිටුවන ලෙස දැනුම් දී ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart