September 5, 2025

තංගල්ල නගර සභාවේ සේවක පිරිසක් ගමන්ගත් වන්දනා චාරිකා පෞද්ගලික බස් රථයක් ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී ඊයේ (4) රාත්‍රි ප්‍රපාතයකට පෙරළී යෑමෙන් තුවාල ලැබූ තුවාලකරුවන් බේරාගැනිමට කඹ ආධාරයෙන් ප්‍රපාතයට බැසීමට ගිය යුද හමුදා නිළධාරින් දෙදෙනකු ලිස්සා ඇද වැටී තුවාල ලබා ඇත.

ඔවුන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව ඇල්ල පොලිසිය පවසයි.

මින් එක් යුද හමුදා නිළධාරියකු නිවාඩු ලබා ඇල්ල කරදගොල්ල ප්‍රදේශයේ නිවසට පැමිණ සිටි අයෙකි.

මෙම අනතුර සැලවී අනතුර සිදු වූ ස්ථානයට පැමිණි දියතලාව යුධ හමුදා කදවුරේ නිළධාරින් සමග එක්වී ඔහු තුවාලකරුවන් බේරාගැනිමට කඹවල ආධාරයෙන් ප්‍රපාතයට බැස තිබේ.

එහිදී ඔහු සමඟ තවත් යුදහමුදා නිළධාරියකු සමග ඇදවැටී තුවාල ලබා ඇති බවත් පොලිසිය සදහන් කරයි.