
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගිරිතලේ – බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී වන අලියකුගේ පහරදීමෙන් තරුණයකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
බකමූණ සිට පොළොන්නරුව දෙසට ගමන් ගත් මයික්‍රෝ හයිරූෆ් වර්ගයේ වෑන් රථයක් මාර්ගය හරහා ගමන් ගත් වන අලියෙකුගේ ගැටී ඇත.
එහිදී උරණ වූ වන අලියා විසින් වෑන් රථයට දැඩි ලෙස පහරදී මර්ගය එක් පසෙකින් ඇති යෝධ ඇල දෙසට වෑන් රථය පෙරළා දමා තිබේ.
අද(07) අලුයම 4.45ට පමණ සිදුවූ මෙම අනතුරින් වෑන් රථය පැදවූ අංක 103, සේවාගම, පලුගස්දමන, පොලොන්නරුව ලිපිනයේ පදිංචි ඩබ්.එස්.ඩී.දිනේෂ් සඳරුවන් නමැති වයස අවුරුදු 28 ක තරුණයා මරණයට පත්ව ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ සිට ඇත්තේ මොහු පමණක් වන අතර විනෝද චාරිකාවකට සහභාගී වූ පිරිසක් නිවෙස් වෙත ගෙන ගොස් දමා නැවත යමින් සිටියදී මෙලෙස අවාසනාවන්ත අනතුරට ලක්ව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart