September 22, 2025

විදුලිබල සැපයුමට අදාළ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් එන්.කේ.කුමානායකගේ අත්සනිනි.

ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති කිහිපයක් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරන බව ප්‍රකාශ කිරීමට සමගාමිව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.