
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට විදුලි වාහන ප්‍රවර්ධනය කිරීමේ සැලැස්ම මඟින් 2044 වන විට විදුලිබල අංශයට අමතර ඩොලර් බිලියන 1ක පිරිවැයක් දැරීමට සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ 2025–2044 දිගුකාලීන උත්පාදන පුළුල් කිරීමේ සැලැස්ම යටතේ පෙනීගොස් තිබේ.
විශේෂයෙන් විදුලි වාහන භාවිතය ඉහළ යෑමේ තත්ත්වයක් යටතේ, විදුලි ඉල්ලුම තියුණු ලෙස ඉඅහළ යන බවට ලංකා විදුලිබල මණ්ඩලය අනතුරු ඇඟවීය.
ඉන්ධන භාවිතය අඩු කිරීමට සහ ප්‍රවාහන ආශ්‍රිත විමෝචනය අඩු කිරීමේ උත්සාහයන් යටතේ විදුලි වාහන සඳහා යොමුවීමට ජනතාව පෙළඹී ඇත.
ගුකාලීන උත්පාදන පුළුල් කිරීමේ සැලැස්ම මෙම තත්ත්වය විස්තරාත්මකව විශ්ලේෂණය කළ අතර, එක්සත් ජාතීන්ගේ සහාය ඇතිව ජාතික විද්‍යුත් සංචලන ප්‍රතිපත්තියක් මේ වන විට සංවර්ධනය වෙමින් පවතින බව සඳහන් කළේය.
මෙම ප්‍රතිපත්තිය ප්‍රවාහන හා බලශක්ති අමාත්‍යාංශ විසින් ඒකාබද්ධව සැලසුම් කරනු ලැබේ.
වර්තමානයේ, මාර්ගයේ ඇති විදුලි වාහන සංඛ්‍යාව අඩු වන අතර, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසන්නේ විදුලිබල ජාලයට ඒවායේ බලපෑම තවමත් අවම බවයි.
කෙසේවෙතත්, අනාගතයේ එම තත්ත්වය වෙනස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
විදුලිබල ජාලය මත පීඩනය අඩු කිරීම අරමුණු කර ගනිමින්, ප්‍රශස්ත ආරෝපණ කාල සීමාවන් තීරණය කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ විශ්ලේෂණය සාමාන්‍ය වාහන අක්‍රිය වේලාවන් දෙසට යොමු වී තිබිණි.
කාලය මත පදනම් වූ මිලකරණය මගින, කාර්යබහුල නොවන වේලාවන්හිදී විදුලි වාහන ආරෝපණය කිරීමට දිරිමත් කළ හැකි ආකාරය එමගින් ඉස්මතු කර තිබේ.
ගුකාලීන උත්පාදන පුළුල් කිරීමේ සැලැස්මේ මූලික අවස්ථාව යටතේ උපකල්පනය කර ඇත්තේ 2040 දක්වා පුනර්ජනනීය බලශක්ති උත්පාදනය 70%ක් වනු ඇති බවයි.
ඉන්පසු, සූර්ය ශක්තිය නොමැති රාත්‍රියේදී වැඩි තාප බලයක් අවශ්‍ය වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
මෙම තාප බලයෙන් වැඩි ප්‍රමාණයක් ගෑස් ටර්බයිනවලින් සපයාගනු ඇති අතර, එය මෙහෙයුම් පිරිවැය සැළකිව යුතු ලෙස වැඩි කරනු ඇත.
ප්‍රක්ෂේපිත ඩොලර් බිලියන 1ක වැඩිවීම සිදු වන්නේ ඒ සමගය.
හයිඩ්‍රජන් සහ න්‍යෂ්ටික බලය වැනි නව තාක්ෂණයන් හඳුන්වා නොදුනහොත් 2040න් ඔබ්බට පුනර්ජනනීය බලශක්තියේ 70%ක් වන කොටස පවත්වා ගැනීම දුෂ්කර වනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය අනතුරු ඇඟවීය.
අනාගත ඉල්ලුම හැසිරවීම සඳහා, මූලික සැලැස්මට:
2030 වන විට පුනර්ජනනීය බලශක්තිය 70%ක් කර ගැනීම
ස්වාභාවික ගෑස් සහ හයිඩ්‍රජන් මිශ්‍ර ගෑස් භාවිතය
2044 වන විට 600 MW න්‍යෂ්ටික බලාගාරයක්
ඉන්දියාවට 500 MW විදුලි සම්බන්ධතාවක්
600 MW පොම්ප කරන ලද ගබඩා ජල විදුලි බලාගාරයක් ඇතුළත් වේ.
මෙම සැලැස්මේ මුළු පිරිවැය වර්තමාන වටිනාකම අනුව ඉදිරි වසර 20 තුළ ඩොලර් බිලියන 15.09ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
කෙසේවෙතත්, මෙම සංඛ්‍යාවට අනාගත සම්ප්‍රේෂණ යටිතල පහසුකම් ඇතුළත් නැත.
පිරිවැය ගැටළු තිබුණ ද ශ්‍රී ලංකාවට විදුලිබල පද්ධතිය යටපත් නොකර පිරිසිදු ප්‍රවාහනයට සාර්ථකව මාරුවිය හැකි බව සහතික කිරීම සඳහා දිගුකාලීන සැලසුම්කරණය සහ ස්මාර්ට් ආරෝපණ උපාය මාර්ගවල වැදගත්කම ලංකා විදුලිබල මණ්ඩලය අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart