
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2025 මාර්තු 31 වැනිදාට පෙර නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීම සඳහා නිලවරණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකත්වය තීරණය කර තිබේ.
මෙම තීරණයට එළඹ ඇත්තේ ඊයේ (13) පැවති එහි විශේෂ මහා සභාවේදීය.
මෙම යෝජනාව දැනට පවතින අභ්‍යන්තර ආරවුල් විසඳීමට සහ මෙහෙයුම් ස්ථාවරත්වය ප්‍රතිස්ථාපනය කිරීමට ගනු ලැබූ තීරණාත්මක පියවරක් බව ජාතික ඔලිම්පික් කමිටුව පවසයි.
විධායක මණ්ඩල සාමාජිකයන් සහ ජාතික සාමාජික සම්මේලන බහුතරයකගේ ඉල්ලීම් අනුව ජාතික ඔලිම්පික් කමිටුවේ ව්‍යවස්ථාව අනුව විශේෂ මහා සභාව කැඳවන ලදී.
මෙම රැස්වීම පැවැත්වුණේ ජාතික ඔලිම්පික් කමිටුවේ මෙහෙයුම් සහ ක්‍රීඩා ක්‍රියාකාරකම් කඩාකප්පල් වීමට හේතුවූ විධායක මණ්ඩලය තුළ පැවති බෙදීම් සහ දීර්ඝ කාලීන ගැටුම්වලට ප්‍රතිචාරයක් වශයෙනි.
විධායක මණ්ඩලයට මැදිහත් වීමට සහ ඒකාබද්ධ කිරීමට කිහිප වතාවක්ම උත්සාහ කළද, මෙම උත්සාහයන් සාර්ථක නොවීම කණගාටුවට කරුණක් බව ජාතික ඔලිම්පික් කමිටුව පවසයි.
තත්ත්වයෙහි බරපතළකම හඳුනාගනිමින්, අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව (IOC) සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලය (OCA) විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීම් පිළිබඳ සාමාන්‍ය සාමාජිකත්වය සාකච්ඡා කර තිබිණි.
ඉක්මන් මැතිවරණයක් කැඳවීමේ තීරණයේ අරමුණ වන්නේ මෙම ගැටලු විසඳීම, නව කමිටුවක් පත් කිරීම සහ පැහැදිලි ඉදිරි මාවතක් සැකසීමයි.
ඔලිම්පික් කමිටු සාමාජිකත්වය විසින් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ බලාබොරොත්තු ආරක්ෂා කිරීමට සහ ජාතික ඔලිම්පික් කමිටුවේ අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ඔවුන්ගේ නොසැලෙන කැපවීම ප්‍රකාශ කර තිබේ.
අර්බුදය විසඳීමට සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ආසියානු ඔලිම්පික් කවුන්සිලය විසින් නියම කර ඇති පරිපාලන අපේක්ෂාවන් සපුරාලීමේ පළමු තීරණාත්මක පියවර ලෙස මෙම මැතිවරණ හඳුනාගෙන ඇත.
මැතිවරණය පැවැත්වීම සඳහා වූ යෝජනාවට ජාතික සාමාජික සම්මේලන 23ක් සහාය දුන් අතර එක් සම්මේලනයක් විරුද්ධ වී සම්මේලන දෙකක් ඡන්දය දීමෙන් වැළකී සිට තිබේ.
යහපාලනයේ මූලධර්ම සහ ඔලිම්පික් ප්‍රඥප්තියට අනුකූලව සුමට හා විනිවිද පෙනෙන මැතිවරණ ක්‍රියාවලියක් සහතික කිරීමට කැපවී සිටින බව ජාතික ඔලිම්පික් කමිටුව පවසයි.
මෙම නිලවරණය ජාතික ඔලිම්පික් කමිටුව සඳහා හැරවුම් ලක්ෂයක් ලෙස සළකනු ලබන අතර, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංවර්ධනයට ඵලදායී ලෙස සහාය වීමට සහ අනතර්ජාතික හවුල්කරුවන්ගේ විශ්වාසය නැවත ලබා ගැනීමට මග පාදයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart