
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිරු මාධ්‍ය ජාලය මඟින් විකාශය වන වැඩසටහන් තුළින් මැතිවරණ නීති උල්ලංඝනය වන බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම එම මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරියාට ලිඛිත දැනුම්දීමක් සිදුකර තිබේ.
එමගින් දැනුම් දී ඇත්තේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම ප්‍රකාශයට පත්කර තිබියදී හිරු මාධ්‍ය ජාලය විසින් දිගින් දිගටම මැතිවරණ නීති උල්ලංඝනය කරමින්, මැතිවරණ කොමිෂන් සභාව විසින් 2024.07.26 දිනැතිව නිකුත් කරන ලද අංක 2394/57 දරන ගැසට් පත්‍රයේ සඳහන් මාධ්‍ය උපමානවලට පටහැනිව විවිධ වැඩසටහන් විකාශය කරන බවට පැමිණිලි රාශියක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති බවයි.
2024.08 06, 2024.08.07 සහ 2024,08,08 උදෑසන 6.25 විකාශය වූ ‘පත්තරේ විස්තරේ’ වැඩසටහන් අතරතුරදී අපහාසාත්මක අදහස් ප්‍රකාශ කිරීම සහ මේ වන විට අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු සඳහන් කරමින් මාධ්‍ය සදාචාරයට නොගැළපෙන හා දැඩි පක්ෂපාතිත්වයෙන් යුතුව එක් අපේක්ෂකයකු ප්‍රවර්ධනය වන ආකාරයට අදහස් දැක්වීම එහි විශේෂයෙන් සඳහන් කර ඇත.
පොදු සංඛ්‍යාත හා පොදු ගුවන් කාලයන් තුළ තමාට රිසි පක්ෂ ප්‍රවර්ධනය කිරීම හා අනෙකුත් පක්ෂවලට අපහාස වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් හිරු මාධ්‍ය ජාලයට එරෙහිව පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ(5)(අ) අනුව්‍යවස්ථාව යටතේ මැතිවරණ කොමිෂන් සභාව විසින් මාධ්‍ය උපමාන සඳහන් කර අංක 2394/57 දරන 2024.07.26 දිනැති ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවත් එකී මාධ්‍ය උපමාන ගැසට් පත්‍රයේ ඡන්ද විමසීමක් පැවැත්වෙන කාල සීමාවකදී විද්‍යුත් මාධ්‍ය කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් මගපෙන්වීමක් දක්වා ඇති බවත් මැතිවරණ කොමිසම අවධාරණය කරයි.
තවද, එම ගැසට් පත්‍රයට අනුව ගුවන් විදුලි, රූපවාහිනී හෝ ඕනෑම සමාජ මාධ්‍යයක් හෝ හරහා සිදු කරන ප්‍රකාශන වැඩසටහන් ඡන්ද විමසීම් නීතිවලට අනුකූල විය යුතු බවත්, එක් පක්ෂයක්/ අපේක්ෂකයෙක් හෝ ප්‍රවර්ධනය වන ආකාරයට කටයුතු කිරීමෙන් අනෙකුත් අපේක්ෂකයන් අගතියට පත් නොවන ලෙස තම ගුවන් කාලය භාවිත කළයුතු ආකාරයත් පිළිබඳව මගපෙන් වීම් පැහැදිලිව දක්වා ඇති බවත් මැතිවරණ කොමිසමහිරු මාධ්‍ය ජාලයට වැඩිදුරටත් දැනුම් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart