September 5, 2025

නවකවධ සිද්ධියක් සම්බන්ධයෙන් නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 16ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව එම සිසුන් එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ව ඇප මත මුදාහැරීමට නියම කර ඇත.

අදාළ සිද්ධියට මුහුණ දුන් සිසුවියක සිදුකළ පැමිණිල්ලකට අදාළව එරාවුර් පොලීසිය මෙම සිසුන් අත්අඩංගුවට ගෙන තිබේ.

එහිදී සිසුන් 9 දෙනෙකු සහ සිසුවියන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ බව වාර්තා විය.