
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභා නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීම ගැන ගෙන ඇති සියලු පියවර මොනාවාද යන්න සහ ඔහුට එරෙහිව අපරාධ නඩු ආරම්භ කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර මොනවාද යන්න අධිකරණයට ඉදිරිපත් කිරීමේ අතුරු නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් මැයි 02 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය අද (27) නීතිපතිවරයාට නියෝග කළේය.
අභියාචනාධිකරණය එම නියෝගය කළේ පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට එරෙහිව නීතිය ක්‍රියාමක කරන ලෙසට රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් සමාජ හා සාමයික කේන්ද්‍රය, එහි අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා සහ වින්දිතයකු විසින් ගොනුකරන ලද පෙත්සමක් කැඳවූ අවස්ථාවේදීය.
මෙම පෙත්සම අද (27) සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවනු ලැබීය.
පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපති වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර දැනුම්දුන්නේ මෙම පෙත්සම සම්බන්ධයෙන් තමාට පළමු වගඋත්තරකාර පොලිස්පතිගෙන් සහ දෙවැනි වගඋත්තරකාර නිලන්ත ජයවර්ධනගෙන් උපදෙස් නොලැබුණු බවයි.
එසේ හෙයින් මෙම පෙත්සම සළකා බැලීම සඳහා වෙනත් දිනයක් ලබාදෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියේය.
අනතුරුව පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ අර්මිසා ටීගල් සඳහන් කළේ, මෙම පෙත්සමෙන් අතුරු නියෝග කිහිපයක් ඉල්ලා ඇති බවයි.
පෙත්සමේ ඉල්ලීම් යටතේ ඇති දෙවැනි ඉල්ලීම මගින් නිලන්ත ජයවර්ධනට එරෙහිව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයේ නිලන්ත ජයවර්ධනට එරෙහිව ලබා දී ඇති තීන්දුව ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඔහුට එරෙහිව අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අදාළ සියලුම තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අතුරු නියෝගයක් ඉල්ලා ඇති බව නීතිඥවරිය සඳහන් කළාය.
එම අතුරු නියෝගවලට අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් යම් සීමිත විරෝධතා ඇතොත් මැයි 02 වැනිදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස නීතිපතිට නියෝග කළ අධිකරණය එලෙස සීමිත විරෝධතා ගොනුකළහොත්, ඊට ප්‍රතිවිරෝධතා ඇතොත් මැයි මස 17 වැනිදා හෝ ඊට පෙර ගොනුකරන ලෙස පෙත්සම්කරුවන්ට නියෝග කළේය.
රිට් පෙත්සම සළකා බැලීම සඳහා මැයි 28 වැනිදා කැඳවන ලෙස ද නියෝග කෙරිණි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ඩී. පෙරේරා, නීතිඥ මනුෂිකා කුරේ ඇතුළු නීතිඥවරු පිරිසක් සමග නීතිඥ අර්මිසා ටීගල් පෙනීසිටි අතර නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර පෙනීසිටියේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දීගොඩගමගේ නිලන්ත ජයවර්ධන සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart