
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් පසුගිය පරිපාලනය යටතේ ඊ-විදේශ ගමන් බලපත්‍ර ප්‍රසම්පාදනය සඳහා තේල්ස් සහ ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජීස් සමූහයට මුලින් ප්‍රදානය කරන ලද මතභේදාත්මක ටෙන්ඩරය සමඟ ඉදිරියට යෑමට රජය තීරණය කර ඇති බව දැනගන්නට ලැබේ.
මෙම තීරණය ඊයේ (24) මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල විසින් තහවුරු කර තිබේ.
ඒ, මෙම වසර අගදී ජෛවමිතික ගමන් බලපත්‍ර සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා රජය සූදානම් වෙමින් සිටින පසුබිමකය.
අධිකරණ ක්‍රියාමාර්ග තිබියදීත්, ප්‍රසම්පාදනය දිගටම කරගෙන යෑමට නීතිපතිවරයා අවසර ලබා දී ඇති බව අමාත්‍ය විජේපාල ප්‍රකාශ කළේය.
“මෘදුකාංග සඳහා නිශ්චිත පොදු යතුරු යටිතල පහසුකම් (PKI) අවශ්‍යතා ඇතුළත්, පසුගිය රජය විසින් නිකුත් කරන ලද එම ටෙන්ඩරය සමඟම අපි ඉදිරියට යනවා, අපි දැනට මෘදුකාංගය ප්‍රසම්පාදනය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටිනවා. දැනට අධිකරණය හමුවේ ඇති කරුණු සමඟ ගැටෙන කිසිදු පියවරක් ගන්නේ නැහැ” යැයි ඔහු පැවසීය.
ඒ අනුව තේල්ස් සහ ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජීස් සමූහයට මුලින් ප්‍රදානය කරන ලද කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක වනු ඇත.
නීතිමය අභියෝග හේතුවෙන් ඇති වූ ප්‍රමාදයන්ට පෙර ඊ-විදේශ ගමන් බලපත්‍ර නිෂ්පාදනය කිරීම සඳහා මෙම සමූහය තෝරාගෙන තිබිණි.
ගිවිසුම යටතේ, සැපයුම්කරුවන් විදේශ ගමන් බලපත්‍ර මිලියන පහක් ලබා දීමට අපේක්ෂා කෙරේ.
මේ වන විට, රජය එම ටෙන්ඩරය යටතේම යන්ත්‍රයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර 750,000ක් මිලදී ගෙන ඇත.
ඊ-විදේශ ගමන් බලපත්‍ර වෙත මාරුවීම වේගවත් වන විට ප්‍රමාණවත් තොගයක් සහතික කිරීම සඳහා අමතර විදේශ ගමන් බලපත්‍ර 400,000ක් ඇණවුම් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය විජේපාල සඳහන් කළේය.
“අපි දැනට දිනකට සාමාන්‍යයෙන් විදේශ ගමන් බලපත්‍ර 4,000ක් නිකුත් කරනවා, ඒ අනුව මසකට ආසන්න වශයෙන් 80,000ක්,” ඔහු පැවසීය.
“නව ක්‍රමයට අපි අදියර වශයෙන් යන විට අඛණ්ඩතාව පවත්වා ගැනීමට සහ හිඟයන් වළක්වා ගැනීමට තවත් විදේශ ගමන් බලපත්‍ර 400,000ක් පමණ මිලදී ගැනීමට අපි සැලසුම් කරනවා” යනුවෙන් ඔහු පැවසීය.
ඊ-විදේශ ගමන් බලපත්‍ර ක්‍රමය සම්පූර්ණ ක්‍රියාත්මක කිරීම දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
ගොඩගැසී ඇති අයදුම්පත් ගැටලුවක් විසඳීම සඳහා තාවකාලිකව හඳුන්වා දුන් පැය 24 පුරා ක්‍රියාත්මක විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව කඩිනමින් නතර කරන බව ද අමාත්‍ය විජේපාල සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart