
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පසුගිය සති කිහිපය තුළ පැවැති අධික උෂ්ණත්වය හේතුවෙන් දිවයින පුරා බොහෝ පාසල් සිසුන් උෂ්ණාධික රෝගවලට ගොදුරු වී රෝහල්ගත කළ බව රිජ්වේ ආර්යා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය තුළ දරුවන් විජලනයවීමෙන් සහ තාප කම්පනයට පත්වීමෙන් වළක්වා ගැනීම සඳහා ප්‍රමාණවත් ඛනිජ ලවණ සහිත දියර වැඩි වශයෙන් ලබාදෙන ලෙස වෛද්‍යවරයා මාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියි.
එසේම, දරුවන්ට පාසල් යන විට වතුර බෝතල් දෙකක් දෙන ලෙසත්, පොල් වතුර, දෙහි, දොඩම්, කැඳ වැනි ස්වාභාවික දියර වර්ග ලබාදෙන ලෙසත් හෙතෙම මාපියන්ගෙන් ඉල්ලා සිටියි.
ප්‍රමාණවත් තරල සහ ඛනිජ ලවණ ලබාගැනීමට අපොහොසත්වීමෙන් තෙහෙට්ටුව, හිසරදය, නිදිබර ගතිය, වමනය, ශරීරයේ වේදනාව, නින්ද නොයෑම, නිදිමත ගතිය සහ ආහාර රුචිය අඩුවීම වැනි බරපතල සෞඛ්‍ය සංකූලතා ඇතිවිය හැක බවද හෙතෙම වැඩිදුරටත් සදහන් කරයි.
මෙම උණුසුම් කාලගුණ තත්ත්වය තුළ දරුවන් තුළ දහඩිය බිබිලි, දද වැනි චර්ම රෝග වර්ධනය විය හැක බවද ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව, අවම වශයෙන් දිනකට දෙවරක්වත් දරුවන් ස්නානය කිරීමට සහ විනාඩි 20ක් පමණ වතුරේ සිටීමට ඉඩ ලබාදෙන ලෙස විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart