
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මත්ද්‍රව්‍ය හා අපරාධ සම්බන්ධ ක්‍රියාකාරකම් මැඩලීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම දියත් කිරීම හේතුවෙන් රටේ අපරාධ 23% කින් අඩු වී ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
පුනරුත්ථාපනය වූ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ යළි එක්කිරීම වෙනුවෙන් බත්තරමුල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකදී පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මෙම අදහස් පළ කළේය.
“යුක්තිය මෙහෙයුම දියත් කිරීම අපරාධ 23% කින් අඩු කිරීමට හේතු වී තිබෙනවා” පොලිස්පතිවරයා පැවසීය.
බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ වැඩිම ප්‍රතිශතයක් පවතින බවත්, නුගේගොඩ සහ ගල්කිස්ස ප්‍රදේශ ඉන් වැඩිම බලපෑමක් එල්ල වන ප්‍රදේශ බවත් පැවසූ පොලිස්පතිවරයා, මෙම වසර අවසන් වන විට ශ්‍රී ලංකාවේ අපරාධ අනුපාතය 50% කින් අඩු කිරීමට බලාපොරොත්තු වන බව ද පැවසීය.
“මෙම මෙහෙයුම හරහා මාස හයක් ඇතුළත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 5000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාලයෙන් 90%කට වැඩි ප්‍රමාණයක් විනාශ කිරීමට අප සමත් වී තිබෙනවා,” ඔහු වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාව පුරා මත්ද්‍රව්‍ය සම්බන්ධ ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා ‘යුක්තිය’ දීප ව්‍යාප්ත විශේෂ මෙහෙයුම 2023 දෙසැම්බර් මාසයේදී දියත් කරන ලදී.
ඊයේ බත්තරමුල්ලේ පැවති උත්සවයේදී පොලිසියේ නව “සුවසර කඩැල්ල” වැඩසටහන යටතේ පුනරුත්ථාපනය වූ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් 590ක් ඔවුන්ගේ පවුල් සමඟ යළි එක්කිරීම සිදුකෙරිණි.
මීට අමතරව ගල්කිස්ස සහ නුගේගොඩ ප්‍රදේශවල පෞද්ගලික ආයතන සහ ව්‍යාපාරික ප්‍රජාව විසින් පුනරුත්ථාපන ප්‍රතිලාභීන් 120 දෙනකු රැකියා අවස්ථා සඳහා තෝරාගෙන ඔවුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද මෙහිදී සිදුකෙරිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart