
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයට අයත් දුම්රිය නිල නිවාස පිහිටි ස්ථානයේ බාහිර පාර්ශවයන් අනවසරෙන් දුම්රිය ස්ථානයට හා දුම්රිය පරිශ්‍රයන් වෙත ඇතුළුවීම වළක්වාලීම සඳහා ඉදිකොට තිබූ තාප්පයක් එම ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට විසින් බලහත්කාරයෙන් කඩාඉවත් කිරීමේ කටයුතු දින දෙකකට ආසන්න කාලයක සිට සිදුකරමින් සිට ඇත.
මේ සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් කොම්පඤ්ඤවීදිය පොලිසය වෙත පැමිණිලි කොට තිබේ.
එහෙත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගය නොගැනීම හේතුවෙන් අද දින ප්‍රදේශවාසීන් සම්පූර්ණයෙන්ම එම තාප්පය කඩා ඉවත් කිරීමට කටයුතු කර ඇත.
දුම්රිය දේපොළ කඩා දැමූ පිරිස අත්අඩංගුවට ගැනීමේ කටයුතු ප්‍රමාදවීම හා එම පිරිස වහම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අද දින පැය දෙකක පමණ වේලාවක් දුම්රිය ධාවන කටයුතු වලින් ඉවත්වීමට කාර්ය මණ්ඩලය කටයුතු කර තිබේ.
කෙසේවෙතත් පැය දෙකකට ආසන්න කාලයකින් පසුව එම අලහහානී කළ පිරිසෙන් කොටසක් කොම්පඤ්ඤ වීදීය පොලිසිය වෙත රැගෙන ගොස් ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විට සිදුවන බව වාර්තා වේ.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු ඒ අනුව යළි යථාතත්වයට පත්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart