
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඩුබායි රාජයේ සිට දඹුල්ල ප්‍රදේශය කේන්ද්‍ර කොට ගෙන මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන රංග නමැත්තාට අයත් බව කියන රුපියල් ලක්ෂ 25කට අධික වටිනාකමින් යුතු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් දෙසීයක් සමඟ සැකකරුවන් දෙදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශ ක කාර්යාංශයේ මහනුවර ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම රංග නැමැති පුද්ගලයා හට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳසැල් තිබෙන බවටද කරුණු අනාවරණය වී තිබේ.
එම වෙළඳසැල් දඹුල්ල ප්‍රදේශයේ හිටපු ප්‍රබල අමාත්‍යවරයකු විසින් ලබා දී ඇති බවටද කරුණු අනාවරණය වී ඇත.
ඊට අමතරව ඔහුට සුඛෝපභෝගී නිවාස සහ හෝටල් කිහිපයකද හිමිකාරීත්වයක් තිබෙන බවද අනාවරණය වී ඇති අතර ඒවා සම්බන්ධව නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය දැනුවත් කිරීමට පොලිස් මත්ද්‍රව්‍යාස කාර්යාංශය පියවරගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart