
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දරුණු කුණාටුවක් හේතුවෙන් දැඩි බලපෑමක් ඇතිවුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි තත්ත්වය මෙතෙක් යථා තත්ත්වයට පත්වී නොමැති බව විදෙස් වාර්තා පවසයි.
ඩුබායි අන්තර්ජාතික ගුවන් තොටුපළ සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීමත් සමග එම ගුවන්තොටුපොළ වෙත ඊයේ සන්ධ්‍යාවේ පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන්වාර 100ක් පමණ අවලංගු කර තිබිණි.
නවතා තිබූ ගුවන් යානා ද ජල ගැල්මට හසුව තිබේ.
සමාජ මාධ්‍යවල සංසරණය වන දර්ශන මගින් පෙනී යන්නේ ඊයේ රාත්‍රිය පුරා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති වී ඇති බවයි.
අද දිනයේ ද ඩුබායි වෙත වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කෙරේ.
අහිතකර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඩුබායි වෙත සහ ඉන් පිටතට යන ගුවන් ගමන් කිහිපයක් ප්‍රමාද වියහැකි හෝ බාධා වියහැකි බව ඩුබායි පදනම් කරගත් ගුවන් සේවය X ගිණුමේ සටහන්කර තිබේ.
පවතින තත්ත්වයෙන් ප්‍රකෘතිමත් වීමට යම් කාලයක් ගතවනු ඇති බවත් මෙම අභියෝග හමුවේ සංචාරකයන්ගේ ඉවසීම සහ අවබෝධය පිළිබඳ ස්තූතිවන්ත වන බවත් ඔවුන් ප්‍රකාශ කර ඇත.
ගුවන් තොටුපළට පැමිණීමට පෙර ගුවන් ගමන් තත්ත්වය ගුවන් සමාගම් සමඟ පරීක්ෂා කරන ලෙස ද මගීන්ගෙන් ඉල්ලීමක් කර තිබිණි.
ලොව කාර්යබහුලම ගුවන් මධ්‍යස්ථානයක් වන ඩුබායි ගුවන්තොටුපොළ ඊයේ සවස සිය මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට ද කටයුතු කළේය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බහරේනයට ගංවතුර ඇති කළ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ඉරිදා සහ සඳුදා දිනයන්හි ඕමානයේ මරණ 18ක් වාර්තා වූ බව AFP පුවත් සේවය වාර්තා කර තිබිණි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සමහර අභ්‍යන්තර ප්‍රදේශවලට පැය 24 කාලයක් තුළ මිලිමීටර් 80 (අඟල් 3.2)ට වැඩි වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය මිලිමීටර් 100ට ආසන්න වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart