
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රදේශ කිහිපයක පවතින දැඩි නියඟය හේතුවෙන් රට පුරා ගොවීන් 32,967 දෙනෙක්ගේ අක්කර 37,101ක වී වගාව විනාශ වී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.
එසේම වී වගාවන්ට සිදු වූ හානිය තක්සේරු කරන ලෙස අමාත්‍යාංශය විසින් කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට (AAIB) පසුගියදා උපදෙස් ලබා දී ඇත.
අදාළ තක්සේරු කටයුතු සිදුකිරීම සඳහා කණ්ඩායම් 25ක් යොදවා ඇති බවත්, ඒ පිළිබඳ වාර්තාවක් විෂයභාර ඇමැති මහින්ද අමරවීර වෙත දිනපතා ඉදිරිපත් කරන බවත්, අමාත්‍යාංශය පවසයි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවීන් 22,357කට අයත් අක්කර 19,388ක් ලෙස වැඩිම වගා හානිය වාර්තා වී ඇත්තේ, පසුගිය අඟහරුවාදා (15) ඉදිරිපත් කර තිබූ වාර්තාවට අනුවය.
එමෙන්ම ගොවීන් 4,050කට අයත් අක්කර 10,125ක දෙවන විශාලතම හානිය උඩවලව කලාපයෙන් වාර්තා වී ඇත.
කොළඹ, ගම්පහ, කළුතර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, අම්පාර, අනුරාධපුරය සහ පොළොන්නරුව ඇතුළු තවත් දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවන්ට ද සැළකිව යුතු හානියක් සිදුව තිබේ.
නියඟ තත්ත්වය හේතුවෙන් ගොවීන් 32,967කට අයත් අක්කර 37,101ක වී වගාව විනාශ වී ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් සකස් කරන ලද වාර්තාවේ සඳහන් වේ.
නියඟයෙන් සිදු වූ වගා හානි පිළිබඳ සම්පූර්ණ වාර්තාව සකස් කිරීමට මාසයක පමණ කාලයක් ගත වන බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ඇමැතිවරයාට දන්වා ඇත.
වගා හානි සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස ඇමැතිවරයා අමාත්‍යාංශ ලේකම් ගුණදාස සමරසිංහට උපදෙස් ඇති බවත්, ඔහු ලබන සතියේ ඇමැති මණ්ඩලයට එය ඉදිරිපත් කිරීමට නියමිත බවත්, වාර්තා වේ.
පවතින නියඟය යල වගා කන්නයේ අපේක්ෂිත වී අස්වැන්නට බලපාන අතර, ඉදිරියේදී දැඩි ආහාර හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බවට අමාත්‍යාංශය පසුගියදා අනතුරු අඟවා ඇත.
මේ අතර, අපේක්ෂිත ආහාර අර්බුදයට සූදානම් වීම සඳහා පවතින සෑම බිම් කැබැල්ලකම ආහාර බෝග වගා කරන ලෙස ද අමාත්‍යාංශය ගොවීන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart