
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යුනෙස්කෝ ලෝක උරුමයක් වන සීගිරි බලකොටුවේ සිංහපාදය අසල RO ජල සම්පාදන පද්ධතිය ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා විසින් පසුගිය දා (21) විවෘත කරන ලදී.
RO ජල සම්පාදන පද්ධතිය බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත භාර දී තිබිණ.
ඉන්දීය රජය ඉදිරි වසර පහ තුළ මෙහි නඩත්තු පිරිවැය දරනු ඇත.
මෙම RO ජල සම්පාදන පද්ධතිය සීගිරිය නැරඹීමට ලොව නන් දෙසින් පැමිණෙන සංචාරකයන්ගේ පිපාසය සංසිඳුවාලනු ඇත.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල්, මධ්‍යම පළාතේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම්, මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ සහ සංචාරක දෙපාර්තමේන්තුවේ නියෝජිතයෝ ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගී වූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart