
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනය කිරීමට නියමිත බැවින්, ඩබල් කැබ් රථ පිළිගන්නේද නැද්ද යන්න තීරණය කළ යුතුව ඇති බව පාර්ලිමේන්තු විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගය පවසයි.
එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ, මේ සම්බන්ධයෙන් පක්ෂය තවමත් තීරණයකට එළඹ නොමැති බවයි.
“අපි තීරණයක් ගෙන නැහැ. ආනයනය කරනවද නැද්ද යන්න තීරණය කළ යුත්තේ රජයයි. ඔවුන් ගෙන්වනවානම්, කැබ් රථ භාරගන්නවද නැද්ද කියලා අපි තීරණයකට එනවා.” යැයි ඔහු පැවසීය.
මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපති අනුර කුමාර දිසානායක සිය අයවැය කතාවේදී සඳහන් කළේ සෑම මන්ත්‍රීවරයකුටම ඔවුන්ගේ ධුර කාලය අවසානයේ ආපසු ලබා දීමේ පදනම මත සම්පූර්ණයෙන්ම රක්ෂණය කරන ලද ඩබල් කැබ් රථයක් ලබා දෙන බවයි.
ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන ඩබල් කැබ් රථ 1,775ක් ආනයනය කිරීම සඳහා මුදල් අමාත්‍යාංශය ටෙන්ඩරය අවසන් කිරීමෙන් දින තුනකට පසුව මෙම නිවේදනය සිදු කෙරිණි.
එම ටෙන්ඩරය වැඩ කරන දින හතකට සීමා වූ රුපියල් බිලියන ගණනක ප්‍රසම්පාදනයකි.
අයවැය කතාවේදී ජනාධිපතිවරයා කියා සිටියේ රජයේ වත්මන් වාහන සහ යන්ත්‍රෝපකරණ සැළකිව යුතු කොටසක් යල් පැන ගොස් ඇති අතර ඒවා ඉහළ අලුත්වැඩියා පිරිවැයක් ඇති කරන බවයි.
මෙය සංවර්ධන කටයුතුවලට බාධාවක් වී ඇති බැවින් මන්ත්‍රීවරුන්ට පවරා ඇති ආනයනික ඩබල් කැබ් රථ සමඟ රාජ්‍ය ආයතන සඳහා නව වාහන සහ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමට රජය සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.
සම්පූර්ණ ප්‍රසම්පාදනය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 12.5ක් බව වාර්තා විය.
කෙසේවෙතත්, දිසානායක ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගය ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණ ව්‍යාපාරවලට පෙර සහ ඒ අතරතුර ප්‍රකාශ කළේ සිය සාමාජිකයන් වාහන සහ නිල නිවාස වැනි වරප්‍රසාද ලබා නොගන්නා බවයි.
මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් වෙත වාහන ලබා දීමේ ක්‍රියාවට විපක්ෂයේ සිටියදී එම පක්ෂය දැඩි ලෙස විරුද්ධ විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart