
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජය ගත් දූරදර්ශී ආර්ථික තීන්දු තීරණ හේතුවෙන් ඩොලර් සංචිත ඉහළ යෑම හා ඩොලර් ඉල්ලුම අඩුවීම යන සාධක මත රුපියල ශක්තිමත් වී ඇති බවත්, ඩොලරය පහළ යෑම ද පාලනය කළ යුතු බවත් මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පවසයි.
ඩොලරය අවප්‍රමාණ වීම අපනයන ආදායම සඳහා ඍජු ලෙස බලපාන බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කරයි.
වීදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ යෑම, සංචාරක කර්මාන්තයේ පිබිදීම සහ තව දුරටත් භාණ්ඩ 1216කට ආනයන සීමා පනවා තිබීම ආදී කරුණු මේ වන විට විදේශ සංචිත ප්රමාණ්ය ඩොලර් බිලියන 03 දක්වා ඉහළ ගොස් ඇතැයි රාජ්‍ය ඇමැතිවරයා පෙන්වාදෙයි.
.
රාජ්‍ය ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ, විජය පුවත්පත් සමාගම විසින් 20 වැනි වරටත් පවත් වනු ලබන ආලෝක පූජාවේ තෙවන දිනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.
රුපියල ශක්තිමත් වීම සම්බන්ධව පැමිණ සිටි මාධ්‍යවේදීන් සියඹලාපිටිය අමාත්‍යවරයාගෙන් කරන ලද විමසීමට අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවැසීය.
“රුපියල ශක්තිමත් වෙන්න ප්‍රධාන හේතු කිහිපයක් තියෙනවා. පසුගිය වසරට සාපේක්ෂව අපට ලැබෙන විදේශ ප්‍රේෂණ පැහැදිළිව වැඩියෙන් ලැබන බව පේනවා. අනික් පැත්තෙන් සංචාරක කර්මාන්තයෙන් අපට ලැබෙන ආදායම් තත්ත්වය වැඩිවෙලා තියෙනවා.අපි ආනයන සඳහා කරන වියදම තාමත් රේගු සංකේතාංක 1216ක් නවත්තලා තියෙනවා.
මෙන්න මේ සියල්ලම ගත්තාම ඩොලර් සඳහා තියෙන ඉල්ලුම සැපයුමට වඩා අඩුවෙලා තියෙනවා. සැපයුම වැඩි ඉල්ලුම අඩුයි. මේක තමයි සාධාරණ හේතුව. මේ වෙලාවේ මහ බැංකුව යම්කිසි පාලනයක් කරනවා ඩොලර් මිළදී ගනිමින්. කෙටි කාලයක් තුළ බැලුම අපි ඩොලර් මිලියන 1500ක් පමණ මිළදි ගෙන තියෙනවා. බින්දුවට වැටිලා තිබූණ සංචිත ප්‍රමාණය අද බිලියන 03 ඉක්මවා ගිහින් තියෙන්නේ.
අපි මේ කරන පාලනය රුපියලේ අගය රැකගැනීමට නෙවේ, ඩොලරය අනවශ්‍ය විදිහට පහළට වැටෙන එකයි අපි පාලනය කරලා තියෙන්නේ. කිසිසේත්ම රුපියලේ අගය වැඩවීම කෘත්රීමව කරපු දෙයක් නෙවෙයි රජය.පැහැදිළිවම විධීමත් විදිහට කළමණාකරනය කරමින් ඩොලරයේ අගය අනවශ්‍ය විදිහට පහළට වැටෙන්නත් නොදී තමයි මේක පවත්වාගෙන යන්නේ.මොකද අනවශ්‍ය විදිහට ඩොලරය පහළට වැටුනොත් අපනයන කර්මාන්තයට ඒක විශාල ප්‍රශ්නයක්. අපනයන සඳහා ලැබෙන රුපියල් ප්‍රමාණය අඩුවීම තුළ.රුපියලේ අගය වැඩිවීම කෘත්රීමව හදපු පරිසරයක් තුළ නිර්මාණය කරපු දෙයක් නොවේ.” යැයිද රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart