
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව පුරා තුන්වැනි ලෝක සංග්‍රාමයක් පිළිබඳ පවතින තැතිගැන්ම මොහොතකට අමතක කරමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව ඊයේ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට එක්ව සිටිනු දක්නට ලැබිණි.
අදාළ රජයන් අතර ඇති වූ මතභේද පසෙක තබා අවුරුදු සැමරීමට එක්වූ රාජ්‍ය තාන්ත්‍රිකයෝ අවුරුද් ක්‍රීඩාවල ද නිරත වූහ.
විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධාන කරන ලද අලුත් අවුරුදු උත්සවය පැවත්වුණේ කොළඹ පොලිස් උද්‍යාන ක්‍රීඩාංගණයේදීය.
එහිදී රාජ්‍ය තාන්ත්‍රිකයන් එල්ලේ ඇතුළු අවුරුදු ක්‍රීඩා කළ අතර තවත් පිරිසක් ක්‍රිකට් ක්‍රීඩා කරනු දක්නට ලැබිණි.
අවුරුදු කුමාරයා සහ කුමරිය සඳහා කිරුළු පැළඳීමද මෙහිදී සිදු විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart