
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ ’30 අන්ඩර් 30 ඒෂියා’ ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක වන ඩිනාරා පුංචිහේවා සමත්ව ඇත.
මෙම ලැයිස්තුවට ආසියා පැසිෆික් කාලාපයේ වෙනසක් ඇතිකළ ව්‍යවසායකයන්, නායකයන් සහ විවිධ ක්ෂේත්‍රවල පුරෝගාමීන් 300 දෙනෙකු ඇතුළත් වී ඇති අතර ඒ සියලුදෙනාම වයස අවුරුදු 30 ට අඩුවීම විශේෂත්වයකි.
ආසියා පැසිෆික් කාලාපයේ අවධානය යොමුකළ යුතු පුද්ගලයන් ’30 අන්ඩර් 30 ඒෂියා’ ලැයිස්තුව මගින් ෆෝබ්ස් සඟරාව ප්‍රකාශයට පත්කරනු ලබයි.
කාණ්ඩ 10ක් යටතේ මෙම ලැයිස්තුවට පුද්ගලයන් තෝරාගෙන ඇති අතර රසවින්දන සහ ක්‍රීඩා අංශයෙන් ඩිනාරා පුංචිහේවා මෙම ලැයිස්තුවට ඇතුළත් වූවාය.
ඩිනාරා පුංචිහේවා 2018 වසරේදී ඇයගේම චිත්‍රපටයක් වන මාලා ඔස්සේ චිත්‍රපට ක්ෂේත්‍රයට පැමිණියාය.
මාලා චිත්‍රපටය අන්තර්ජාතික සිනමා උළෙලකදී ප්‍රදර්ශනයවීමත් සමඟ චිත්‍රපට නිෂ්පාදක ප්‍රසන්න විතානගේගේ අවධානය එම චිත්‍රපටය සඳහා යොමු වී ඇති අතර එහි දැක්වු කුසලතාවය හේතුවෙන් ගාඩි චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දීමට ඩිනාරාට ප්‍රසන්න විතානගේ ආරාධනා කර තිබිණි.
ඩිනාරා ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරිණියක් වන අතර, ඇය අඩු ආදායම්ලාභී පවුල්වල ළමුන් නාට්‍ය හා රංගනයට අවතීර්ණවීමට අවස්ථාව ලබාදෙන පුංචි ඇක්ටර්ස් නම් ලාභ නොලබන ආයතනයේ නිර්මාතෘවරියද වෙයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart