
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එල්.ටී.ටී.ඊ.ය යුධ සමයේදී ගබඩා කර තිබූ අවි ආයුධ සන්තකයේ තබාගෙන, ඒවා දකුණේ පාතාල සාමාජිකයන්ට සහ අපරාධ කල්ලිවලට කුලියට දීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු දින 90ක් රඳවා තබාගැනීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන අවසර දී තිබේ.
කාරියක් ප්‍රේමාල් රමේෂ්, ඇන්තනි ප්‍රනාන්දු වික්‍රම සහ මොහොමඩ් රසීක් යන සැකකරුවන් තිදෙනා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගැනීමට එහිදී නියෝග කෙරිණි.
ජුලි 21 වැනිදා කිරිබත්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු විසින් හෙළිකරන ලද තොරතුරක් මත T-56 ප්‍රහාරක රයිෆලයක්, පතොරම් 30ක් අඩංගු මැගසිනයක් සහ ‘අයිස්’ නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5.65ක් සමඟ මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් අධිකරණයට දන්වා තිබේ.
T 56 ගිනිඅවිය වව්නියාවේ සිට කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කර තුන්වන පාර්ශවයකට අපරාධයක් සිදුකිරීමට භාර දී පසුව වව්නියාවට ගෙන ඒමේ සැලසුමක් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද එම නිලධාරින් අධිකරණයට දන්වා ඇත.
ප්‍රශ්න කිරීමේදී ලබාගත් තොරතුරු මත වවුනියාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ප්‍රධාන සැකකරු සමඟ සමීප සබඳතා පැවැත්වූ තවත් සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, සෙට්ටිකුලම පොලිස් වසමට අයත් නෙරියකුලම් ප්‍රදේශයේදීය.
සැකකරුවන්ගේ නිවස සහ ගෙවත්ත තුළ සඟවා තිබූ අවි ගබඩාවක් ද පොලිසිය මගින් සොයාගෙන තිබේ.
එහි තිබී සොයාගත් භාණ්ඩ අතර විවිධ වර්ගයේ අත්බෝම්බ 86 ක්, ටී 56 ගිනි අවියකට ගැලපෙන ජීව උණ්ඩ 321 ක්, අතුරු අවි මැගසින් තුනක් සහ මත්පෙති 5,600 ක්ද තිබූ බව පොලීසිය පවසයි.
මෙම අවිආයුධ දකුණේ අපරාධ සිදුකිරීමට ගබඩාකර තිබේද එසේත් නැතිනම් මුදලට පාතාල කල්ලි සාමාජිකයන්ට සහ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වලට කුලියට දෙන්නේද යන්න පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මක බව නිලධාරීන් අධිකරණයට පවසා තිබේ.
එබැවින් මෙම සොයාගැනීම් සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා සැකකරුවන් රඳවා තබාගැනීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණි.
කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඔවුන් රඳවා තබා ගැනීමට අනුමැතිය ලබාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart