December 27, 2025

ETC , MTC කියන එකේ තේරුමවත් හරියට නොදන්න Social Media ඔස්තාර්ලා ටිකක් Katunayaka ExpressWay Traffic හැදුනේ මොකක් නිසාද? ඒකට විසදුම් මොකක්ද ? ලොකූ හැලී ගොඩක් ලියලා තිබුනා, කෙරවලපිටිය වහපු නිසා තමය් කටුනායක ලොකු Traffic එකක් හැදුනේ කියලා ලියලා තිබුනා, ඒ මදිවට Airport යනවා නම් Highway එකට පැය තුනක් තියාගෙන යන්න කියලා සමාජය නොමග යවන බොරුත් පතුරුවලා තිබුනා.

📍ඇත්තටම තිබුන ප්‍රශ්නය මොකද්ද ?
කටුනායක ExpressWay එකේ ETC ගේවීම් ක්‍රමය තිබුනේ පැලියගොඩ හෝ සීදුව පිටවීමේදී,ETC ඇතුලත් වීමක් නොමැතිව පැමිණෙන වාහන සදහා අය කරනු ලැබුවේ කටුනායක හා සිදූව අතර ගාස්තු මුදල පමණි, නමුත් පිටත වටරවුම් මාර්ගය කටුනායක මාර්ගය එකතු කිරීම සමග දක්ෂිණ හා පිටත වටරවුම් මාර්ගය ඔස්සෙ එන ETC ගෙවීම් සදහා පැමිණෙන වාහන සදහා එය ප්‍රශ්නයක් වන නිසා කෙරවලපිටිය හුවමාරුවේ මුදල් අය කිරීම ක්‍රියාත්මක වී තිබින, නමුත් ඒ නිසා කෙරවලපිටිය හුවමාරුවේ අනවශ්‍ය වාහන තදබදයක් හා දක්ෂිණ හෝ පිටත වටරවුම් මාර්ග වලින් පැමිණෙන වාහන කටුනායක Expressway හරහා පිටවීමේදී අවස්ථා දෙකකදී මුදල් ගේවීමට සිදු විය.

📍මොකද්ද කරපු වෙනස්කම් ?
කෙරවලපිටිය හුවමාරුවේ අනවශ්‍ය තදබදය මග හැරීම සදහා දක්ෂිණ හෝ පිටත වටරවුම් මාර්ග ඔස්සෙ පැමිණෙන වාහන කෙරවලපිටියේ මුදල් අය කිරීම නවතා ඒ වෙනුවට කටුනායක Expressway එකේ පෑලියගොඩ හා සීදුව හුවමාරු හරහා වාහන ඇතුලත් විමේදී මුදල් හා කාඩ්පත් ගේවීම් සදහා ඇතුලත් වීමේ ප්‍රවේශපත් MTC ගේට්ටු හරහා ලබා දීම හා ETC ඇතුලත් වීමේ ගේට්ටු පෑලියගොඩ හා සීදුව අලුතින් සවිකිරීමය, නියමු ව්‍යාපෘතියක් ලෙස එය ආරම්භ කල නිසා පලමු දිනයේ දැනුවත් වීම් අඩු කම නිසා පෑලියගොඩ හා සීදුව පිවිසුම අසල වාහන තදබදයක් තිබුනද දෙවන දිනයේ එය එසේ නොතිබින.

📍එතකොට කෙලවරපිටියේ සේවය කල Tellersලට මොකද වුනේ ?
ඒ සියලුම දෙනා කටුනායක Expressway එකේ පෑලියගොඩ හා සීදුව හුවමාරු වල අලුතින් ආරම්භ කල ප්‍රවේශපත් නිකුත් කිරීමේ සේවාවට අනුයුක්ත කරලා තියෙන්නේ…

📍කටුනායක ExpressWay එකේ ජා-ඇල හා සීදූව හුවමාරුවල පිටවීමේදි ලොකු වාහන තදබදයක් ඇති වුනේ කෙරවලපිටිය වහපු නිසාද?
ජා-ඇල හා සීදුව පිටවීමේදී, කාර්යාල වේලාවන් වලදී වාහන තදබදයක් ඇතිවීම් හා කෙරවලපිටිය වැසීම අතර කිසිම සම්බන්දතාවයක් නැත, එය නත්තල් හා වසර අවසාන උත්සව සමය නිසා අධීවේගී මාර්ගය බාවිතා වන වාහන වැඩි වීම නිසා සිදු වූ දෙයකි.එයත් අවම මට්ටමකට ගෙන ඒම වෙනුවෙන් සිදව පිටවීමේ පැවිති MTC ගෙවීම කවුලු දෙක තුනක් දක්වා වැඩි කර ETC ඇතුලුව සම්පුර්ණ පිටවීමේ කවුලු හතරක් පැය 24 පුරාම ක්‍රියාත්මක වීමට ඉඩ සලස්වා ඇත.

📍ඇය් ETC ක්‍රමවේදය තවත් ප්‍රචලිත කිරීම හා අනුකුත් අධිවේගී වාර්ග වන දක්ෂිණ , පිටත වටරවුම් , මධ්‍යම සදහා ව්‍යාප්ත නොකරන්නේ….
දැනට කටුනායක අධීවේගී මාර්ගයේ පමණක් බාවිතා වන ETC පද්ධතිය වසර ගනනාවක් නඩත්තු නොකරීම නිසා නිසි ලෙස ක්‍රියාත්මක වුයේ නැත, එමෙන්ම විවිධ දෝෂ සහිත පද්ධතියක් විය, ඒ නිසා මුලීක වශයෙන් ETC පද්ධතිය සම්පුර්ණ Upgrade කිරීමක් පෑලියගොඩ හා සීදුව ETC ඇතුලත් වීමේ අලුතින් සවිකිරීමට සමගාමීව සිදුවෙමින් පවතී, එමෙන්ම වාහන හිමියන්ට මෙතෙක් ETC සේවාව ලබා ගැනීමට තිබූ අනවශ්‍ය රස්තියාදුව නැතිකර නව ක්‍රමවේදයක් සකස් වෙමින් පවතී, තවද වාහන අධීවේගී මාර්ගය ඇතුලත් වීමේදී හා පිටවීමේදී ලෝකයේ භාවිතා වන Free Flow ක්‍රමයක් සියලුම අධීවේගී මාර්ග පද්ධතියටම ඉතා ඉක්මනින්ම හදුන්වා දෙනු ලැබේ.

🖋️සුමුදු රත්නායක – උපදේශක -ඩිජිටල් ආර්ථික අමත්‍යංශය | අධ්‍යක්ෂක මණ්ඩල සමාජික – මාර්ග සංවර්ධන අධීකාරීය