
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 03ක ක්‍රිකට් තහනම මාස 3 දක්වා අඩු කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව අද (11) සිට දික්වැල්ලට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට සුදුසුකම් හිමිවන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට (මත්ද්‍රව්‍ය ලබාගත් බවට) ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි.
ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) විසින් සිදුකරනු ලැබූ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වීමත් සමග නිරෝෂන් දික්වැල්ලට නැවත දැනුම්දෙන තුරු සියලුම ක්‍රිකට් තරග තහනම් කිරීමට බලධාරීන් පියවර ගනු ලැබුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart