
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ තරගයක ඉනිම් දෙකේදීම ශතක වාර්තා කළ 06 වැනි පිතිකරු බවට ධනංජය ද සිල්වාත් 07 වැනි පිතිකරු බවට කමිඳු මෙන්ඩිසුත් පත්ව තිබේ.
බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දෙවැනි ඉනිමේ දී ධනංජය වාර්තා කළේ සිය 12 වැනි ටෙස්ට් ශතකයයි.
පළමු ඉනිමේදී ධනංජය ද සිල්වා ලකුණු 102කට දැවී ගිය අතර දෙවැනි ඉනිමේ දී ඔහු ලකුණු 108කට දැවී ගියේය.
ධනංජය ද සිල්වා අද මෙම දක්ෂතාව පෙන්නුම් කරනු ලැබුවේ 2014 වසරේදි කුමාර් සංගක්කාර ටෙස්ට් තරගයක ඉනිම් දෙකෙදීම ශතක වාර්තා කිරීමෙන් අනතුරුවය.
කමිඳු මෙන්ඩිස් අද වාර්තා කළේ සිය ටෙස්ට් දිවියේ දෙවැනි ශතකයයි.
පළමු ඉනිම සඳහා ඔහු ලකුණු 102ක් ලබා සිටියදී දැවී ගියේය.
මේ අනුව , තිලකරත්න දිල්ෂාන් සහ කුමාර සංගක්කාරගෙන් පසු බංග්ලාදේශය කණ්ඩායමට එරෙහිව ඉනිම් දෙකකදී ටෙස්ට් ශතක ලබා ගත් තුන්වැනි සහ සිව්වැනි පිතිකරුවන් බවට ධනංජය ද සිල්වා සහ කමිඳු මෙන්ඩිස් ක්‍රිකට් ඉතිහාස පොත එක්වනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart