May 10, 2025

හිටපු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

පෞද්ගලික හේතූන් මත මැයි 15 වැනි දින සිට ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වන බව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දැනුම් දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව, සභාව ඔහුගේ ඉල්ලා අස්වීම පිළිගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

දශකයකට වැඩි කාලයක් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ලෙස සේවය කළ ධම්මික දසනායක, 2023 මැයි 23 වන දින එම ධුරයෙන් විශ්‍රාම ගියේය.

කෙසේවෙතත්, පසුව ඔහු එම වසරේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ලෙස පත්කරන ලදී.