May 18, 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ තුසිත හල්ඔලුව ගමන් කළ මෝටර් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භ කර තිබේ.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු කණ්ඩායම් 4 ක් විසිනි.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත, වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදුකරයි.

වෙඩිතැබීම කළ අවස්ථාවේ තුසිත හල්ඔලුව සතුව තිබූ වැදගත් ලිපි ගොනුවක් අදාළ පුද්ගලයන් රැගෙන ගොස් ඇත.

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක් ඉදිරිපිටදී ඊයේ රාත්‍රියේ එම වෙඩිතැබීම සිදුවිය.

වෙඩිතැබීමෙන් තුසිත හල්ඔලුවට කිසිදු තුවාලයක් සිදුනොවීය.