
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්රිකට් කණ්ඩායමට වඩාත් තීරණාත්මක ටෙස්ට් තරගය අද දකූණු අප්‍රිකාව සමග පෝට් එළිසබෙත් හිඳි ආරම්භ වේ.
ලෝක ටෙස්ට් ශුරතා තරගාවලියේ අවසන් තරගයට පිවිසීම සදහා බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගය ජයග්‍රාහණය කිරීම අනිවාර්ය වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ලෝක ටෙස්ට් ශුරතා තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තුන්වැනි ස්ථානයේ සිට හතරවැනි ස්ථානය දක්වා පසුබැස තිබේ.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය දකුණු අප්‍රිකාව ලකුණු 233කින් ජයගත්තේය.
අද පස්වරු 1.30ට තරගය ආරම්භ වන අතර පෝට් එළිසබෙත් තණතිරුව තණකොළ සහිත බැවින් ඇතැම් විට වේගපන්දු යවන්නන් හතරදෙනෙකු සමග ක්‍රීඩා කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පවසයි.
ඒ අනුව පිතිකරණ වාසිය ද ලබාගැනීමේ බලාපොරොත්තුවද ඇතිව බොහෝදුරට මිලාන් රත්නායක දකුණු අප්‍රිකාව සමග දෙවැනි ටෙස්ට් තරගයට කැදවීම කෙරෙහි අවධානය යොමුව තිබේ.
මේ හේතුවෙන් ප්‍රභාත් ජයසුරිය විවේක ගන්වා ධනංජයට සහ කමිඳුට දගපන්දුවේ වගකීම පැවැරෙනු ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart