
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජර්මනියේ ‘ලිම්බර්ග් ඇන් ඩේර් ලාන්’ (Limburg an der Lahn) නගරයේ සිටින පරෙවියන් සියලුදෙනා මරාදැමීමට නගර බලධාරීන් තීරණය කර ඇතැයි විදෙස් ජනමාධ්‍ය වාර්තා කරයි.
මුළු පරවි ගහණයම විනාශ කර දැමීමට ජනමත විමසුමක් පවත්වා නගර වැසියන්ගේ කැමැත්ත ලබාගෙන ඇති බව ද සඳහන් වෙයි.
විදෙස් ජනමාධ්‍ය සඳහන් කරන්නේ, මෙම නගරයේ පරවියන් දසදහස් ගණනක් ජීවත් වන අතර, කුරුල්ලන්ගේ මළ මූත්‍රා නිසා නගර වැසියන්ට එය හිසරදයක් වී තිබෙන බවයි.
ප්‍රදේශවාසීන් සහ ආපනශාලා හිමියන් සහ වෙළෙන්දන් පවසා ඇත්තේ, තමන් දැනට වසර ගණනාවක සිට නගරයේ පරවියන් නිසා කලකිරීමකින් සිටින බවයි.
පරවියන් ගහණය පාලනය කිරීමට ද හැකියාවක් නැතැයි ප්‍රදේශවාසීන් බලධාරීන්ට පවසා තිබේ.
මේ හේතුවෙන් පසුගිය 20 වැනිදා ජනමත විමසුමක් පවත්වා පරවියන් මරාදැමීමට නගර වැසියන් කැමැත්ත ලබාගෙන තිබේ.
එහෙත් සත්ව අයිතීන් වෙනුවෙන් පෙනීසිටින ක්‍රියාකාරීන් සහ සංවිධාන ඊට එරෙහි වී ඇති බව විදෙස් ජනමාධ්‍ය පවසයි.
ජනමතවිචාරණය ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවසන් තීරණය තවමත් ගෙන නැතැයි නගරාධිපතිවරයා සඳහන් කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart