
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විදේශ වාණිජ ණය හිමියන් සමඟ ඇති කර ගත් ගිවිසුම සම්බන්ධයෙන් රජය නිකුත් කර ඇති වාර්තාව ඡන්දදායකයන්ට බලපෑම් කිරීමේ උත්සාහයක් බවට සමගි ජන බලවේගයේ නීතීඥ සාමූහිකය චෝදනා කරයි.
එම සාමුහිකයේ සාමාජික ෂියාන් පුංචිහේවා මැතිවරණ කොමිසමේ අධ්යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක වෙත ලිපියක් යවමින් මේ බව දැනුම්දීමට ද පියවර ගෙන තිබේ.
රජයේ වාර්තාව මගින් දක්වා තිබුණේ “ශ්‍රී ලංකාව 40.3%ක ශුද්ධ වර්තමාන අගයක (NPV) සහනයක් ලබා ගනිමින් දළ වශයෙන් ඩොලර් බිලියන 17.5ක විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා බාහිර වාණිජ ණය හිමියන් සමඟ ගිවිසුම්වලට එළඹ ඇත. මෙය සැළකිව යුතු ණය සහනයක් ලබා දෙන අතර පොලී ගෙවීම් අඩු කරයි, රටේ මූල්‍ය ස්ථාවරත්වය ශක්තිමත් කරයි,” යනුවෙනි.
මේ සම්බන්ධයෙන් වාර්තා කිරීමෙන් වළකින ලෙස මාධ්‍යවේදීන්ට දන්වන්නැයි ෂියාන් පුංචිහේවා මැතිවරණ කොමිසමේ බලධාරීන්ගෙන් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart