
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නැගෙනහිර දේශසීමාවේ පිහිටි පකිස්තාන හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කළ බව තලේබාන් සංවිධානය පවසයි.
සිය භූමි සීමාවට පකිස්තානය එල්ල කළ ගුවන් ප්‍රහාර සඳහා ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය එල්ල කළ බව ද තලේබාන් සංවිධානය පවසා තිබේ.
පකිස්තානය එල්ල කළ එම ගුවන් ප්‍රහාර හමුවේ ඇෆ්ගනිස්තානයේ ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
පකිස්තානය පැවසුවේ ඇෆ්ගනිස්තානයේ සැගව සිය රටට ප්‍රහාර එල්ල කරන ටෙරික්-ඊ තලිබාන් පකිස්ථානය (TTP) නමැති ත්‍රස්ත සංවිධානයේ ඉලක්ක වෙත එලෙස ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි.
කෙසේවෙතත් ඊට ප්‍රතිචාර වශයෙන් තලේබාන් සංවිධානය පකිස්තානයේ දේශ සීමා හමුදා කඳවුරකට කාලතුවක්කු ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වෙයි.
පකිස්ථානයේ වයඹ දිග Khyber Pakhtunkhwa පළාතේ බටහිර දිස්ත්‍රික්කයක් වන Kurram ප්‍රදේශයට තලේබාන් සංවිධානය කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බව ප්‍රදේශවාසීන් ද තහවුරු කළ ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේවෙතත් ඉන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැත.
2021 අගෝස්තු මාසයේදී අමෙරිකාව ඇෆ්ගනිස්තානයෙන් සිය හමුදාව ඉවත් කර ගැනීමෙන් පසු තලේබාන් සංවිධානයේ පාලනය හමුවේ පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය අතර ගැටුම් ඉහළ යමින් තිබේ.
පකිස්තානය පවසන්නේ තලේබාන් සංවිධානය සන්නද්ධ කණ්ඩායම් සඳහා රැකවරණය ලබාදෙන බවයි.
ඇෆ්ගනිස්ථානයේ පාලක තලේබාන් සංවිධානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart