September 26, 2025

මතභේදාත්මක ‘ක්‍රිෂ්’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව දෙසැම්බර් 18 වැනි දින පූර්ව නඩු විභාගයක් සඳහා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

අද නඩුව කැඳවූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනීසිටි බව වාර්තා වේ.

නඩුව සමාලෝචනය කිරීමෙන් පසු, කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් මුල් නඩු වාර්තාව කැඳවීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ශ්‍රී ලංකාවේ රග්බි ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් ඉන්දීය සමාගමක් වන ‘ක්‍රිෂ්’ වෙතින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගැනීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා නඩුව ගොනුකර තිබේ.