
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිචෝදනා ගොනුකර ඇති යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්, නඩු විභාගයට පෙනීසිටීමට මානසිකව සුදුසු දැයි තීරණය කිරීම සඳහා හෙට දින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පරීක්ෂා කිරීමට නියමිත බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අද කොළඹ මහාධිකරණයට දැනුම්දුන්නේය.
ඒ, එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි ඉදිරියේ කැඳවන ලද අවස්ථාවේදීය.
2009 මාර්තු 31 සිට 2013 දෙසැම්බර් 12 දක්වා කාලය තුළ රුපියල් මිලියන 59 කට අධික අයථා අරමුදල් ස්ථාවර තැන්පතු ගිණුම් තුනකට තැන්පත් කිරීමෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් කර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.
යෝජිත පිළිගැනීම් සලකා බැලීම සඳහා නඩුව අද ලැයිස්තුගත කර ඇති අතර විත්තිකරුට සම්බන්ධ අදාළ නඩුවක් දැනට අංක 08 මහාධිකරණය ඉදිරියේ විභාග වන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දැනුම්දුන්නේය.
එම කටයුතු අතරතුර ඔහු වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසුවේ ඩේසි ෆොරස්ට් නඩු විභාගයට මුහුණ දීමට සුදුසු මානසික තත්ත්වයක නොමැති බව ඇය වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා දන්වා ඇති බවයි.
ඒ අනුව, එම කාරණය සම්බන්ධයෙන් අධිකරණය විසින් විත්තිකාරිය නඩු විභාගයට පෙනී සිටීමට මානසිකව සුදුසු දැයි තීරණය කිරීම සඳහා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් විශේෂඥ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට නියෝග කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
එම නියෝගයට අනුකූලව, විත්තිකාරිය හෙට දින වෛද්‍ය පරීක්ෂණය සඳහා පෙනීසිටිය යුතු බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ ඊට අදාළ වාර්තාව ලැබුණු පසු, වත්මන් නඩුව සඳහා විත්තිකාරිය අධිකරණය හමුවේ නඩු විභාගයට පෙනී සිටීමට මානසිකව සුදුසු දැයි සලකා බැලීමට හැකි වනු ඇති බවයි.
එබැවින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන තෙක් නඩු කටයුතු කල්දමන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් කිරීම් සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා නඩුව පෙබරවාරි 9 වැනි දින නැවත කැඳවීමට නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart