
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
යාපනය සහ චෙන්නායි අතර දෛනික ගුවන් ගමන් ජුලි 16 වන දින(ඊයේ) සිට ආරම්භ කර ඇති බව ගුවන්තොටුපල සහ ගුවන් සේවා සමාගම නිවේදනය කරයි.
එම නිවේදනයට අනුව M/s Alliance Air ගුවන් සේවය මෙම සේවාව ක්‍රියාත්මක කරයි.
ඒ අනුව, මුලදී මගීන් 70 දෙනකු සුවපහසු ලෙස රැගෙන යා හැකි ATR72 වර්ගයේ ගුවන් යානා ගමනාන්ත අතර ක්‍රියාත්මක කෙරෙනු ඇත.
මෙම මාර්ගයේ දෛනික ගුවන් ගමන් ආරම්භ කිරීම සනිටුහන් කරමින් මංගල ගුවන් යානය ඊයේ(16) පෙරවරු 11.30 ට යාපනයට පැමිණි බව ප්‍රධාන ගුවන් තොටුපළ වාර්තා තහවුරු කරයි.
මගීන්ට දැන් චෙන්නායි සිට යාපනය දක්වා ගුවන් ටිකට්පතක් වෙනුවෙන් වැයකිරීමට සිදුවන මුදල රුපියල් 53,000 කි.
යාපනය සහ චෙන්නායි අතර මෙම නව ගුවන් සම්බන්ධතාවය මගින් සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමට සහ ගමනාන්ත දෙක අතර සබඳතා ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart