
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය ලෙසින් පවත්වා ගෙන යනු ලබන පෞද්ගලික කාර්යාලයක් මගින් සිදුකෙරෙන සදාචාර විරෝධී සහ අසාධාරණ හැසිරීම සම්බන්ධයෙන් ලිපියක් මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත දැනුම් දී තිබේ.
එම ලිපියෙන් පවසා ඇත්තේ, සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය සහ එහි රාජකාරි අවසන් කර කොන්සල් ජනරාල්වරයා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය 2021 දෙසැම්බර් 31 දිනට පෙර ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ අමාත්‍යාංශය දැනුම් දී තිබූ බවයි.
කෙසේවෙතත් ඉන් අනතුරුව කොන්සාල් කාර්යාලයේ දුරකථන ක්‍රියාකාරිනියක ලෙස සේවය කළ නිරෝෂා කොස්ටන්ටිනු (නිකී) නමැති කාන්තාවකගේ මූලිකත්වයෙන් සයිප්‍රසයේ ලර්නාකා නගරයේ නව කොන්සල් කාර්යාලයක් 2022/01/01 වැනි දින ආරම්භ කර ඇති බවයි.
එහි නව කොන්සල් ජනරාල්වරයා ලෙස Peri F Keridi නමැත්තා පත්කරන බව දැනුම් දී තිබුණ ද දුරකථන ක්‍රියාකාරිනියක ලෙස පෙර කොන්සල් කාර්යාලයේ සේවය කළ නිරෝෂා කොස්ටන්ටිනු නමැති කාන්තාව නව කොන්සල් ලේකමිවරිය ලෙස පත්ව සිටින බවට අදාළ ලිපියේ සඳහන් කර තිබේ.
විදේශ සේවය සම්බන්ධයෙන් අත්දැකීමක් නොමැති එම කාන්තාව කොන්සාල් කාර්යාලයේ ලේකම්වරිය ලෙස නව වීසා බලපත් මත තම මුද්‍රා තැබීම සිදුකරන බවත්, අසාධාරණ ක්‍රියාවල නිරත වෙමින් සිය හිතවතුන්ට ඉතා ඉක්මණින්ම රාජකාරි කටයුතු කර දෙන බවත්, සේවා ලබාගැනීම සඳහා පැමිණෙන ඇතැම් පුද්ගලයන්ව නොසළකාහරින බවටත් ලිපියෙන් චෝදනා කර සිටියි.
ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් විදේශ සේවයේ නිරත වී සිටින සයිප්‍රසයේදී ඉතා විශාල මුදලක් විදේශ සේවා කටයුතු වෙනුවෙන් සයිප්‍රස් කොන්සල් කාර්යාලය උපයයි.
එහෙත් මෙම පෞද්ගලික කොන්සල් කාර්යාලය හේතුවෙන් එලෙස උපයන මුදල් දැනට ශ්‍රී ලංකා රජයට නොලැබෙන බව චෝදනා එල්ලකෙරෙන අතර, එම සයිප්‍රසයේ ක්‍රියාත්මක පෞද්ගලික කොන්සල් කාර්යාලය මගින් සිදුකෙරෙන අසාධාරණ ක්‍රියා සම්බන්ධයෙන් ද එම ලිපියේ සඳහන් කර තිබේ.
එබැවින් මෙම කරුණු සළකා බලා සයිප්‍රස් ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයට මෙරට විදේශ අමාත්‍යාංශය හෝ විදේශ රැකියා කාර්යාංශයේ අත්දැකීමි ඇති නිලධාරියෙකු පත් කරන ලෙසත්, අසාධාරණකම් සොයාබලන ලෙසත් එම කාර්යාලය ලර්නකා නගරයේ සිට සයිප්‍රසයේ අග නගරය වෙත රැගෙන එන ලෙසත් ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart