
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ණයවර ලිපි යටතේ ආනයනය කරන ලද වාහන නිෂ්කාශනය කිරීම නැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් රේගුව හේතු දැකවීමක් සිදුකර තිබේ.
ඒ අනුව රේගුව පවසන්නේ, වංචනික අඩු තක්සේරු කිරීම් හරහා සිදුවන විශාල බදු පැහැරහැරීම්වලට එරෙහිව සටන් කිරීමේ තීරණාත්මක පියවරක් ලෙස එම තීරණයට එළඹි බවයි.
ඒ හමුවේ, වාහන සිය ගණනක් වරායේ ගොඩගැසී තිබෙන බවත්, ඒ හේතුවෙන් වාහන ආනයනකරුවන් මුහුණදී සිටින ගැටලු පිළිබඳවත් ජනමාධ්‍ය ඔස්සේ ඉකුත් දිනවල වාර්තා කර තිබිණි.
එම වාර්තා සඳහා ප්‍රතිචාර දක්වමින් රේගුව පවසන්නේ, රාජ්‍ය ආදායමට සිදුවන බිලියන ගණනක පාඩුව වැළැක්වීම සඳහා මෙම රෙගුලාසි ක්‍රියාත්මක කරන බවයි.
ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පැහැදිලි කළේ, මෙම වසරේ වාහන ආනයනය නැවත ආරම්භ කිරීමෙන් පසු අක්‍රමිකතා ඉහළ ගොස් ඇති බව අනාවරණය වූ බවයි.
ආනයනකරුවන්ගෙන් බහුතරයක් ජපානය වැනි නිෂ්පාදන මධ්‍යස්ථානවලින් නිපදවන වාහන සඳහා සිංගප්පූරුව හෝ ඩුබායි වැනි තුන්වැනි රටක විවෘත කර ඇති LC භාවිත කරන බව ඔහු ප්‍රකාශ කළේය.
ඒ හරහා තීරුබදු වංචා සිදුවන බවත්, නව නීතිය බලාත්මක කිරීමේ ක්‍රියාව ආනයන සහ අපනයන (පාලන) පනතේ රෙගුලාසියක් මත රඳාපවතින අතර, අපනයනය කරන රටක බැංකුවක් විසින් අනුමත කිරීමට පෙර නැව්ගත කිරීමේ පරීක්ෂණ සහතිකය සහ ලියාපදිංචි ඉවත් කිරීමේ පත්‍රිකා ඇතුළු ආනයන ලේඛන ඉදිරිපත් කළ යුතු බවත් ඔහු පැවසුවේය.
ඒ අනුව වාහනයක් ආනයනය කරන්නේ ජපානයෙන් නම්, ණයවර ලිපිය සිංගප්පූරුවෙන් වුව ද, එම ලියකියවිලි ජපන් බැංකුවකින් අනුමත කළ යුතු බව සීවලී අරුක්ගොඩ පැහැදිලි කළේය.
ප්‍රකාශිත වටිනාකම ගැනුම් මිලට වඩා අඩු නිසා, ජපාන බැංකු ඒවා අනුමත කිරීම ප්‍රතික්ෂේප කරන බවත්, ගැටලුව එය බවත් ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart