
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පෘතුගාලයේ සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමාජ මාධ්‍ය තුළ ඉතිහාසගත වාර්තාවක් පිහිටුවා ඇත.
ඔහුගේ සියලු සමාජ මාධ්‍ය වේදිකාවල එක්ව සිටින අනුගාමකයින් සංඛ්‍යාව බිලියන 1ක ඉක්මවා ගොස් තිබේ.
ඔහු මෑතකදී ඔහුගේ යූ ටියුබ් නාලිකාව ද සකස් කළ අතර, පැය 24ක් තුළ ඊට එක්ව ඇති ග්රාහකයන් සංඛ්‍යාව මිලියන 20 ඉක්මවා ගොස් ඇත.
අන්තර්ජාතික විචාරකයන් පවසන්නේ, මෙමගින් රොනාල්ඩෝගේ ගෝලීය බලපෑම ඉස්මතු කරන බවයි.
රොනාල්ඩෝ විසින්ම සිය X ගිණුම ඔස්සේ මෙම පුවත සිය රසිකයින් සමග හුවමාරු කර ගෙන තිබේ.
එහිදී ඔහු තමන්ගේ සියලු රසිකයින්ට ස්තූති කර ඇති අතර, තමන් ආ ගමන් මග ආවර්ජනය කරමින් රොනාල්ඩෝ පවසා ඇත්තේ, මෙය ඔහුගේ රසිකයන් ඔහුට දක්වන ආදරය පිළිබඳ සාක්ෂියක් බවයි.
“මැඩෙයිරා වීදිවල සිට ලෝකයේ විශාලතම වේදිකාවන් දක්වා, මම සෑම විටම මගේ පවුල සහ ඔබ වෙනුවෙන් ක්‍රීඩාකර ඇත. දැන් අපි බිලියන 1ක් එකට සිටිමු. ඔබ සෑම පියවරකදීම මා සමඟ සිට ඇත. මෙම ගමන අපගේ ගමනක් වන අතර, අපට සාක්ෂාත් කරගත හැකි දේට සීමාවන් නොමැති බව අපි පෙන්වා ඇත්තෙමු.” යනුවෙන් රොනාල්ඩෝ ලොව පුරා සිටින සිය රසික ප්‍රජාවට පවසා ඇත.
“මා කෙරෙහි විශ්වාසය තැබීම, ඔබේ සහයෝගයට සහ මගේ ජීවිතයේ කොටසක් වීම ගැන ඔබට ස්තුතියි. හොඳම දේ තවම පැමිණියේ නැත, අපි ඉදිරියට යමින්, ජයග්‍රහණය කර, ඉතිහාසය එකට එකතු කර ගනිමු,” යැයි ඔහු සිය X ගිණුමේ සටහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart