
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හිටපු දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක ජොන්ටි රෝඩ්ස් ඔහුගේ පවුලේ නිවාඩුවක් සඳහා ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ.
දකුණු අප්‍රිකානු වෘත්තීය ක්‍රිකට් පුහුණුකරු සර්ෆින් නිවාඩුවක් සඳහා මෙරට දකුණු පළාතේ හිරිකැටිය ප්‍රදේශයට පැමිණීමට නියමිතව ඇත.
රෝඩ්ස් ඔහුගේ නිවාඩුව සැලසුම් පිළිබඳව ට්විටර් සමාජ මාධ්‍ය හරහා සඳහන් කර ඇත්තේ, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර විසින් ඔහුගේ දියණිය ස්වයිරී අහංගම ප්‍රදේශයේ රළ පැදවීම පිළිබඳව බෙදාගත් සටහනකට අදහස් දක්වමිනි.
වීඩියෝව පිළිබඳව අදහස් දක්වමින් රෝඩ්ස් පවසා ඇත්තේ, “රළ මත සැරිසරන නිවාඩුවක් සඳහා පවුලේ අය සමඟ ලබන සතියේ හිරිකැටියට එනවා” (Coming to Hiriketiya next week with the family for a surfing holiday @KumarSanga2 time to get you on the waves) යනුවෙනි.
ඔහුට ප්‍රතිචාර දක්වමින් සංගක්කාර එම ආරාධනය පිළිගෙන ඇත්තේ, තමන් සමඟ එක්වීම ඉතා හොඳ බව පවසමිනි.
Coming to Hiriketiya next week with the family for a surfing holiday @KumarSanga2 time to get you on the waves 😉 https://t.co/OIcBRx5LnA
— Jonty Rhodes (@JontyRhodes8) December 15, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart