
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයන් වෙනස් කිරීමෙන් රටේ ක්‍රිකට් ක්‍රීඩාවට යහපතක් සිදුනොවන බව ශ්‍රී ලංකාව නියෝජනය කරන අන්තර්ජාතික විනිසුරු කුමාර් ධර්මසේන සඳහන් කරයි.
ක්‍රිකට් කණ්ඩායමකට නායකයකු පත්කරන්නේ නම්, එම ක්‍රීඩකයාට අවම තරමින් වසර 05ක කාලයක්වත් එම වගකීම ඉටුකළ හැකි විය යුතු බවද කුමාර් ධර්මසේන පෙන්වාදෙයි.
ඊයේ (17) අයගමදී පැවැති වැඩසටහනකදී අදහස් දක්වමින් කුමාර් ධර්මසේන වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
“මම හිතන්නේ නම් සිලෙක්ෂන් කමිටි එකේ ඉන්න ඔළුගෙඩි ටික මරු කළා කියලා වෙනසක් වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් අවුරුදු 3, 4කට පසුව සිලෙක්ෂන් කමිටි එකක් මාරු වුණාට කමන් නෑ. හැබැයි මම පෞද්ගලිකව හිතනවා ප්‍රතිපත්තියක් තියෙන්න ඕනේ අවුරුදු 10ක. අපි කණ්ඩායමේ නායකයෙක් හදනවා නම් ඒ නායකයා අවුරුදු 5කටවත් නායකත්වය දරා ගැනීමට හැකි නායකත්වයට සුදුසු පුද්ගලයෙක් හැටියට තමයි අපි හොයාගන්න ඕනේ. අපි ඊළඟ 2027 එකට හොඳ නායකයා හොයා ගන්න ඕනේ. මම පෞද්ගලිකව හිතන දෙයක් තමයි ක්‍රිකට් කියන දේය කවදාවක් වැළලෙන්නේ නෑ. ඒ ක්‍රීඩාව හැමදාම තියෙයි. මේ දවස් වල පොඩි පසුබෑමක් තියෙනවා. මම හිතනවා ඒ පසුබෑම අනාගතයේ දී හරි යයි කියලා. අපේ පරණ ක්‍රීඩකයෝ සනත් ජයසූරිය එහෙම එකතුවෙලා තියෙනවා. එකෙන් අලුත් පිබිදීමක් එයි කියලා බලාපොරොත්තු වෙනවා. සැලැස්මක් එක්ක ගියොත් වැඩිකල් යන්න කළින් අපිට ඉස්සරහට එන්න පුළුවන්.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart