
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රිකට් ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතන නිලධාරින්ගෙන් තර්ජන එල්ලවන බව මිහින්තලය රජ මහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියෝ අද ජනමාධ්‍ය හමුවක් පවත්වමින් පැවැසූහ.
ඒ හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන් මානසික පීඩනයට ලක්ව ඇති බව ද උන්වහන්සේ පෙන්වාදුන්හ.
මෙවැනි ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හැල්ලුවට ලක්කරන ක්‍රිකට් පරිපාලනයට එරෙහිව ජනතාව දැඩි තීන්දුවකට පැමිණිය යුතුව ඇති බවද, උන්වහන්සේ අවධාරණය කළහ.
ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ ලද අන්ත පරාජය හමුවේ ක්‍රිකට් ආයතනයට එල්ල වන චෝදනා හේතුවෙන් එහි ලේකම් මොහාන් ද සිල්වා සිය ධූරයෙන් ඊයේ ඉල්ලා අස්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart