
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට තුළ නව Omicron උප ප්‍රභේද දෙකක් වන – LF.7 සහ XFG අනාවරණය වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් කොවිඩ් වෛරසයේ (COVID-19) නිරීක්ෂණ කටයුතු වේගවත් කර ඇත.
COVID-19 රෝගීන්ගේ වැඩිවීමක් දැනට නොමැති වුවද, අන්තර්ජාතික ගුවන්තොටුපොළ සහ වරායන්හි නිරීක්ෂණ වැඩිකිරීම පිළිබඳව රජය සලකා බලමින් සිටින බව සඳහන් කරයි.
වෛද්‍ය විශේෂඥයන්ට අනුව, නව ප්‍රභේදවල පෙනුම වෛරස් පරිණාමයේ සාමාන්‍ය කොටසක් වන අතර, එය කාලානුරූපීව වෙනස්වේ.
එමෙන්ම ඒ සඳහා ශ්‍රී ලංකාවේ පද්ධති ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව සෞඛ්‍ය අංශ පවසා සිටී.
සෞඛ්‍ය අංශ මෙම කොවිඩ් අනුප්‍රභේදය ගෝලීය මෙන්ම දේශීය වශයෙන් වර්ධනය පිළිබඳව ඉතා සමීපව විමසිල්ලෙන් සිටීන බව පවසයි.
නව COVID-19 ප්‍රභේදයක් වන NB.1.8.1 සමග ලොව පුරා රෝගීන් වැඩිවීමට හේතුවීම සම්බන්ධයෙන්, අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ අණුක වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ මහාචාර්ය චන්දිම ජීවන්දර අදහස් දක්වා ඇත.
Omicron හි උප ප්‍රභේදය ප්‍රථමවරට හඳුනාගනු ලැබුවේ මෙම ජනවාරි මස මුලදී වන අතර, එතැන් සිට බොහෝ රටවල එය සොයාගෙන ඇත. මැයි මස මැද භාගය වන විට, ගෝලීය කොවිඩ් රෝගීන්ගෙන් 10.7% ක් පමණ විය. NB.1.8.1 රෝග ලක්ෂණ උගුරේ අමාරුව, උණ, මෘදු කැස්ස, තෙහෙට්ටුව, මාංශ පේශි වේදනාව සහ නාසයේ හිරවීම වැනි පෙර COVID-19 වෛරසයට සමාන රෝග ලක්ෂණ වේ. නව ප්‍රභේදයේ වඩාත් පොදු රෝග ලක්ෂණයක් වන්නේ හඬෙහි ගොරෝසු බව වන අතර එය අනෙකුත් ප්‍රභේදවලින් වෙන්කර හඳුනා ගැනීමට උපකාරී වන බව ඔහු මෑතකදී X ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කළේය.
තවද, මහාචාර්ය ජීවන්දර පැවසුවේ, නව ප්‍රභේදය පෙර විකෘතිතාවලට වඩා දරුණු රෝගාබාධ ඇති කරන බවක් නොපෙන්වන බවයි. විශේෂයෙන් එන්නත්කරණය වූ පුද්ගලයන් තුළ පමණක් ආසාදනයන් දරුණු නොවන ඔහු පවසයි.
කලබල නොවි ප්‍රවේශම් වියයුතු බවත්, මුව ආවරණ පැළඳීම, නිතර අත් සේදීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම ආරක්ෂිතව සිටීමට වැදගත් පියවර වන බව ඔහු තවදුරටත් සඳහන් කරයි.
මේ අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, රටපුරා රෝහල්වල කොවිඩ් රෝගීන්ගේ වැඩිවීම, හැසිරවීමට හැකි ආකාරයෙන් සුදානමක් පවතින බවයි.
මේ තත්වය උත්සන්න වුවහොත් ඉක්මනින් ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාණවත් ඒකක, වෛද්‍ය සැපයුම් සහ පුහුණු කාර්ය මණ්ඩලය සමඟ පහසුකම් ශක්තිමත් කර ඇති බවත්, රෝගීන් සංඛ්‍යාවේ ඕනෑම වැඩිවීමක් කළමනාකරණය කිරීම සඳහා ශ්‍රී ලංකාව සතුව යටිතල පහසුකම් පවතින බවත් එම නිලධාරියා තවදුරටත් පවසා ඇත.
විශේෂයෙන් ළමුන් අතර මේ දිනවල ඩෙංගු, චිකුන්ගුන්යා සහ ඉන්ෆ්ලුවෙන්සා දැනටමත් ඉහළ යමින් පවතින බව, රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
මෑත කාලීන අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, මදුරුවන්ගෙන් බෝවන රෝගවල වැඩිවීමක් ද, සෞඛ්‍ය සේවා සඳහා අමතර පීඩනයක් ඇති කරමින් ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් ද මෙලෙස ඉහළ යමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart