
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොවිඩ්-19 වෛරසය තවදුරටත් ගෝලීය සෞඛ්‍ය හදිසි අවස්ථාවක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අන්තර්ජාතික සෞඛ්‍ය රෙගුලාසි පිළිබඳ හදිසි කමිටුව ඊයේ(බ්‍රහස්පතින්දා) රැස්වී කොවිඩ් – 19 පිළිබඳ 15 වන රැස්වීමේදී වසංගතය පිළිබඳව සාකච්ඡා කළ අතර, එහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙද්රෝස් ඇඩනොම් (Tedros Adhanom Ghebreyesus) අන්තර්ජාතික අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාව පිළිබඳ ප්‍රකාශය ප්‍රකාශය අවසන් කළ යුතු බවට එකඟ විය.
“වසරකට වැඩි කාලයක් තිස්සේ වසංගතය පහත වැටීමේ ප්‍රවණතාවක පවතී,” යැයි ටෙඩ්රොස් අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
2020 ජනවාරි මාසයේදී කොවිඩ් – 19 වෛරසය අන්තර්ජාතික අවධානයට ලක්වන මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart