
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් අනුරාධපුර කොට්ඨාස රථ වාහන නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර, සාපරාධී බලහත්කාරය පා, මාර්ග නීති උල්ලංඝනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා නමැති අයට එරෙහිව ලබන මැයි 28 දින අධිකරණය හමුවේ චෝදනා ගොනුකරන ලෙසට අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.කේ. ජයවීරට නියෝග කළේය.
මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ සිද්ධියට අදාළ නඩුව ඊයේ (03දා) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය.
සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ දැනට ඇප මත මුදාහැර සිටින, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා යන අයද ඊයේ දින විවෘත අධිකරණය හමුවේ පෙනීසිටියේය.
යාපනයේ සිට කොළඹ දක්වා අනුරාධපුර හරහා මෝටර් රථයක් පදවමින් සිටියදී අනුරාධපුර රඹෑව ඒ 20 මාර්ගයේ සාලියපුර ගල්වල හන්දිය ප්‍රදේශයේදී අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර සාපරාධී බලහත්කාරය පා රථ වාහන නීති උල්ලංඝනය කරමින් බැනවැදුණු බවට සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබේ.
සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් මෙලෙස හැසිරි ඇත්තේ, ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය පොලිස් නිලධාරින් විසින් නවතා රියැදුරු බලපත්‍රය සහ මෝටර් රථයේ අනිකුත් ලිපි ලේඛන පරීක්ෂා කිරීම සඳහා ඉල්ලා සිටි අවස්ථාවේදීය.
සැකකරුගේ නමෙහි ඇති වූ පරස්පරතාවයක් අනුව නම සංශෝධනය කරමින් අධිකරණයට කරුණු වාර්තා කළ පොලිසිය දැක්වූ කරුණු අනුව නඩුවේ සැකකරු ලෙස රාමනාදන් අර්ජුනා බවට අධිකරණය පිළිගනු ලැබීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart