
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ අපරාධ කොට්ඨාශයට ප්‍රකාශ ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට නියෝග කර තිබේ.
ඉරිදා දිවයින පුවත්පතේ කතෘ උදේශ සංජීව සහ ජනමාධ්‍යවේදී ගයාන් සමරසිංහ යන දෙදෙනාට මෙම නියෝගය නිකුත් කර ඇත.
පොලිස් ඇස වසා ඉෂාරා සෙව්වන්දි තීනියාවලින් ඩුබායි පැන්න හැටි‘ යන සිරස්තලය යටතේ එම ලිපිය පළ කර තිබේ.
ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් සොයන ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි රටින් පිටව ගොස් ඇති බවට පළකෙරුණු වාර්තා පදනම් කරගනිමින් එම කොට්ඨාශය විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව මෙම නියෝගය නිකුත් කර ඇත.
සැකකාරිය හඳුනානොගෙන ශ්‍රී ලංකාවෙන් පිටව ගිය බවට ලිපියක් ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර තිබේ
ගණේමුල්ල සංජීවට වෙඩිතැබීමට භාවිත කළ ආයුධය සැපයූ බව කියන ඉෂාර සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සඳහා තවමත් මෙහෙයුම් ක්‍රියාත්මකය.
පෙබරවාරි මාසයේ කොළඹ අධිකරණ ශාලාවක් තුළ සිදු වූ වෙඩිතැබීම සම්බන්ධයෙන් තුවක්කුකරු ඇතුළු සැකකරුවන් කිහිපදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart